Home / බොලිවුඩ් ගොසිප් / අනුපම්ට චිත්‍රපට 500 ක්

අනුපම්ට චිත්‍රපට 500 ක්

2016-06-25 09:52:00       727
feature-top
නිරතුරුවම රුව නොදුටුවත් මේ ඡායාරූපයේහි සිටින අනුපම් ඛෙයර්ව ඔබ හොඳින් ම දන්නවා. සිනමා රංගනයෙහි ප්‍රවීණයකු වන ඔහු, බොලිවුඩ් සිනමාවට එක්වුණේ මීට අවුරුදු 32 කට කලින්. අනුපම් මුල් වරට රඟපෑවේ 1971 දී තිරගත වූ ටයිගර් සික්ස්ටීන් නම්වූ චිත්‍රපටයේ.

සිනමා සම්මානයෙන් පිදුම් ලද අනුපම් ගේ රංගන ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් පසුගියදා උදාවුණා. ඒ, ඔහු 500 වැනි චිත්‍රපටයේ රංගනයටත් එක්වීමයි. රංගන ශිල්පියකුට මෙපමණ චිත්‍රපට සංඛ්‍යාවක් රඟපෑමට ලැබීම ඉතාම දුර්ලභ සිදුවීමක්. අනුපම්ට රඟන්නට ලැබුණු 500 වැනි චිත්‍රපටය හොලිවුඩ් නිර්මාණයක් ද බිග් සික් නම් වූ මේ චිත්‍රපටයේ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රැසක් ම අනුපම් සමඟ රඟපානවා. මේ දිනවල ඔහු සිටින්නේ මෙහි රූගත කිරීම් සිදුවන ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ. අනුපම් 500 වැනි චිත්‍රපටයේ රඟපාන බව දැනගත් ප්‍රවීණ හොලිවුඩ් නළුවකු සහ නිෂ්පාදකවරයකු වන රොබට් ඩිනීරෝ, ඔහුට සුබපැතුමක් යවා තිබෙනවා.

අවුරුදු 32 ක් තුළ චිත්‍රපට 500 ක රඟපෑම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.‍ මේ චිත්‍රපටය හොලිවුඩ් නිර්මාණයක් වීම ගැන සතුටුයි. මම හින්දි සිනමාව වෙනුවෙන් ගොඩක් වැඩ කරල තියෙනවා. දැන්, මම සිනමාවේ අලුත් පැති හොයාගෙන යන්නයි කැමැති මේ වනවිට 61 වැනි වියෙහි පසුවන අනුපම් එලෙස ප්‍රකාශ කළා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »