Home / බොලිවුඩ් ගොසිප් /  නිදහස් කරිශ්මා

 නිදහස් කරිශ්මා

2016-06-24 10:40:00       724
feature-top
ඔන්න දැන් කරිශ්මා කපූර් නිදහස් කාන්තාවක් බවට පත් වෙලා. ඇය වසර දහතුනක් පුරා විවාහ වී සිටියේ සංජේ කපූර් සමඟින්. දික්කසාදය සමඟ දරුවන් දෙදෙනාගේ අයිතිය ලැබුණෙත් කරිශ්මාට. මේ වන විටත් ප්‍රියා සච්දේව් සංජයගේ පෙම්වතිය බව කාටත් නොරහසක්. විවිධ ගැටුම් නිසා විවාහ දිවිය අවුල් වුණත් කරිශ්මා හැමදාම හොඳ ප්‍රතිරූපයක් තියා ගත්තා කියන එකත් බොලිවුඩයේ හැමෝම පිළිගන්නා දෙයක්.

නමුත් ටික කාලයකට ඉහත සන්දීප් තොෂ්නිවාල් නම් පුද්ගලයෙක් සමඟින් පවතින ඇසුරක් ගැන කටකතාවක් පැතිරුණා. ඔහු ඖෂධ සමගාමක ප්‍රධානියෙක්. විවාහකයෙකු වූ ඔහුගේත් දික්කසාදය සිදුවුණේ මෑතකදීයි. ඒ වෙන්වීමට හේතුව කරිශ්මා කියලත් කටකතාවක් පැතිර යමින් තියෙනවා.

පසුගිය දවසක කරිශ්මා නැගණිය කරීනා සහ ඇයගේ සැමියා සයිෆ් අලිඛාන් සමඟින් සන්දීප්ගේ උපන්දිනය තායිලන්තයේදී සමරා තියෙනවා. කටකතා කොහොම වුණත් තවම මේ දෙන්නා එකම අවස්ථාවක ඡායාරූපයකට හසුකර ගන්න තවමත් කාටවත් හැකි වෙලා නම් නැහැ.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »