Home / බොලිවුඩ් ගොසිප් / අර්ජුන් - සොනාක්ෂි දැඩි අමනාපයක

අර්ජුන් - සොනාක්ෂි දැඩි අමනාපයක

2016-06-21 01:03:00       726
feature-top
සොනාක්ෂි සිංහ අර්ජුන් කපූර් වත්මන් බොලිවුඩ් සිනමා රසික පරපුර අතර බෙහෙවින් ජනප්‍රියයි. අර්ජුන්ගේ පියා තමයි, ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක බොනි කපූර් සොනාක්ෂිගේ පියා සිනමා නළුවෙක් විතරක් නොවෙයි, ඉන්දියාවේ දේශපාලනඥයෙක්. ඔහු, ශත්රුගන් සිංහ.

අර්ජුන් සහ සොනාක්ෂි පහුගිය කාලයේ ඉතාම සමීපව ඇසුරු කළා. සමහරු කීවේ මේ දෙදෙනා පෙම්වතුන් බවයි. ගැළපෙන ජෝඩුව නිසා කාගේත් සහයෝගය දෙදෙනාටම ලැබුණා. ඒත් හිටි හැටියේම නොගැළපීමක් මතු වූ නිසාදෝ දෙදෙනා අතර දැඩි අමනාපයක් හටගෙන. මේ වන විට අර්ජුන් - සොනාක්ෂි අතර කිසිම කතාබහක් නැතිලු.

මේ බව හොඳින් ම මතු වුණේ පසුගිය දා පැවැත්වුණු පාපන්දු තරගයකදී. සමාජ සත්කාරක කටයුත්තක් සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් පැවැති මේ තරගයේ එක පිලක් නියෝජනය කළේ බොලිවුඩ් පුරයේ ජනප්‍රිය තරුණ නළුවන් කිහිප දෙනෙක්. අනෙක් පිලට එක්වුණේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්. බොලිවුඩ් පිලට එක්වූ නළු කැළට අභිෂේක් භච්චන්, ආදිත්‍ය රෝයි කපූර්, රන්බීර් කපූර් සහ අර්ජුන් කපූර් ඇතුළු තවත් නළු පිරිසක් ඇතුළත් වුණා. තරගය නරඹන්නට සොනාක්ෂිත් පැමිණ සිටියා. බොලිවුඩ් තරු පිල වෙනුවෙන් ජය ඝෝෂා නඟන්නට ඇය සමඟ අමිතාබ් භච්චන් සහ ශිල්පා ශෙට්ටි ද එක්වුණා. සොනාක්ෂි දැඩි උද්යෝගයකින් බොලිවුඩ් පිල දිරිමත් කළා. තරගයේ විවේක කාලයේදී ඇය ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් වී බොලිවුඩ් කණ්ඩායම සොයාගෙන ගොස් ඔවුන්ගෙන් සමුගත්තේ වෙනත් ගමනක් යා යුතු වූ නිසයි. ඇය ඔවුන් සියලු දෙනා වෙතට ගොස් සුබ පැතුවත් අර්ජුන් වෙතට ගියේ නැහැ. හැම දෙනාගෙන්ම සමුගත් සොනාක්ෂි, ආපසු හැරෙද්දි අහම්බෙන් මෙන් අර්ජුන්ව මුණගැසුණා. දෙදෙනා මුහුණට මුහුණ බැලුවා. හිනාවකුත් නැහැ. සොනාක්ෂි වේගයෙන් අර්ජුන්ව පසුකරගෙන යන්නට ගියා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »