Home / බොලිවුඩ් ගොසිප් / එයා කම්මුල් පහරින් බේරුණේ නුලෙන්
ලාරා දත්තා

එයා කම්මුල් පහරින් බේරුණේ නුලෙන්
ලාරා දත්තා

2016-06-20 09:30:00       726
feature-top
විශ්ව රූ රැජිනක්‌ විදිහට බොලිවුඩ්වලට ඇවිත් නමක්‌ තියපු පෙරළිකාර චරිත කිහිපයක්‌ ගැනම අපි පහුගිය කාලෙ කතාබහ කළා. අද කතා කරන්න යනනෙත් ඒ විදිහෙ පෙරළිකාර නිළියක්‌ ගැනයි. තමන්ගෙ දක්‍ෂතාවය ගැන මහා ලොකු විශ්වාසයකින් කතා කරන මෙයා ඇත්තටම දක්‍ෂ කෙනෙක්‌. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. ඔයාල හොඳින්ම දන්න ලාරා දත්තා. 2000 වසරේ මිස්‌ යුනිවස්‌ කිරුළ අරගෙන ඉන්දියාවට ආපු මෙයාට බොලිවුඩ්වලින් ආරාධනා ගලාගෙන ආව. තමන්ගෙ වාසනාවට මේ ලැබෙන අවස්‌ථාවලින් ප්‍රයෝජන ගන්න ලාරා පොඩ්ඩක්‌වත් පස්‌ස ගැහුවෙ නෑ. ආන්දාස්‌ චිත්‍රපටයේ රඟපාමින් සම්මානයට පවා හිමිකම් කියපු ලාරා කාකී, හවුස්‌ ෆුල්, මස්‌තී, කාල්, නෝ එන්ටි්‍ර, බිල්ලූ බාබ, චලෝ දිල්ලි, ඉන්සාන්, ඩොන් 02, ඩේවිඩ් වගේ චිත්‍රපටවල හරි අපූරු රංගනයන් ඉදිරිපත් කළා. විවාහ වෙලා අම්ම කෙනෙකුත් වුණාට පස්‌සෙ ඔන්න ලාරා ආයෙමත් වැඩ පටන් අරන්. දවසක්‌ එයත් ඇවිත් හිටිය කරන් එක්‌ක කෝපි කෝප්පයක්‌ බොන්න. අපි බලමු මොනවද එයාල කතා කළේ කියල...

එදා රූ රැජින කිරුළ ඔබට ආභරණයක්‌ වුණා නේද...?

අනිවාර්යෙන්ම. නිළියක්‌ විදිහට ක්‍ෂේත්‍රයට එන්න එදා මට රූ රැජින කිරුළ වටිනා ආභරණයක්‌ වුනා. නමුත් මෙහි රැඳී ඉන්නනම් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ. බොලිවුඩ්වල මට ස්‌ථාවරත්වයක්‌ හදාගන්න පුළුවන් වුණේ මගේ දක්‍ෂතාවයටයි.

ඔබේ ඉල්ලුම සීමා සහිතයි කීවොත්...

මගෙ විතරක්‌ නෙවෙයි හැම කෙනෙක්‌ගෙම ඉල්ලූම සීමා සහිතයි. දවසින් දවස අලුත් දක්‍ෂ අය එනවා. ක්‍ෂේත්‍රයම අලුත් වෙනවා. එතනදි වැඩි ඉල්ලූමක්‌ තියෙන්නෙ රසිකයින් පිනවන්න පුළුවන් අයට. මට තවමත් ඒ දේ කරන්න පුළුවන්.

මුල් කාලෙ ඔබ හරි ආඩම්බරකාරියක්‌...

ඒක සාමාන්‍ය දෙයක්‌. මම ආපු දවස්‌වල කිසිම කෙනෙක්‌ අඳුනන්නෙවත් නැහැ. ඉතින් මම කොහොමද නොදන්න අයත් එක්‌ක කතා කරන්නෙ. ඒ නිසා සද්ද නැතිව හිටිය. හැබැයි අනිත් අය හිතුවෙ මම ආඩම්බරයි කියල..

හීරෝස්‌ලත් එක්‌ක රඟපාන පිස්‌සුවක්‌ ඔබටත් තියෙනවද...?

කොහෙත්ම නැහැ. හැම කෙනෙක්‌ම හීරෝ කෙනෙක්‌ තමයි. නැත්නම් එයාට ලීඩ් රෝල් එක ලැබෙන්නෙ නැහැනෙ. හැබැයි මම නම් සුපර් හීරෝල එක්‌කත් වැඩ කරල තියෙනව. හැම නළුවෙක්‌ම හීරෝ කෙනෙක්‌ වෙන්නෙ නිළියගෙ කර පිටින්නෙ.

ඔබ ස්‌ටන්ට්‌ නිළිsයො ගන්නෙ නැත්තෙ ඇයි...?

ස්‌ටන්ට්‌ කෙනෙක්‌ යොදාගන්නව නම් ඇයි මම රඟපාන්නෙ. නිළියෙක්‌ විදිහට මට ඕනිම දෙයක්‌ කරන්න පුළුවන්. සටන් ජවනිකා වගේම බිහිසුණු දර්ශන වෙනුවෙන් මම කාවවත් යොදාගන්නෙ නැහැ. ඒ දේවල් මටම කරන්න පුළුවන්...

පුතාව නළුවෙක්‌ කරන්න අදහසක්‌ නැද්ද...?

පුතා කවුරු වුණත් මටයි මහත්තයටයි ප්‍රශ්නයක්‌ නැහැ. නොදන්න කාලෙ එයාට හරි මාර්ගය පෙන්නන්න අපි බැඳිල ඉන්නව. ඒ වුණත් එතනින් පස්‌සෙ ජීවිතේ එයාට ඕනි විදිහට ගත කරන්න නිදහස දෙනව.

එක්‌තරා නළුවෙක්‌ට කම්මුල් පාරක්‌ දුන්නලු නේද...?

ඒ දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න මම කැමති නැහැ. යට ගිය දේවල් ඒ විදිහටම තිබුණාවෙ. අනිත් අය ගැන හිතන විදිහට මම ගැන හිතුවොත් එයාලට සිද්ධ වෙන්නත් ඒ ටිකම තමයි. කම්මුල් පාරෙන් බේරුණ එක ගැන එයා සතුටු වෙන්න ඕනි...

අභිෂේක්‌ට ඔය තරම් කැමති ඇයි...?

නළුවන්ගෙන් මගේ උසට මහතට ගැලපෙන්නෙ එයා විතරක්‌ නම් මම වෙන මොනව කරන්නද..? ඒකයි අභීට මම ඒ තරම් කැමැති. වැරදියට තේරුම් ගන්න එපා. එයා මට ගැලපෙන්නෙත් මම එයාට කැමතිත් සිනමාවෙදි විතරයි.

මේ දවස්‌වල භාවනා කරනව කියන්නෙ...

ඒකට වෙලාවක්‌ කලාවක්‌ නැහැ. ඉස්‌සරත් මම වෙලාවක්‌ ලැබුණම කරන්නෙ භාවනා කරන එක. ඒක මගේ මනසට ලොකු නිදහසක්‌ ගෙන දෙනව වගේම ලොකු ශක්‌තියක්‌. හැබැයි මේ දේවල් ප්‍රසිද්ධ කරන්න මට අවශ්‍ය නැහැ..

සෙට්‌ එකේදි වැඩිපුරම කෑම කන්නෙ ඔයාලූ නේද...?

ඒකනම් ඇත්ත. මට හොදට කන්න ඕනි. පුංචි කාලෙ ඉදන් මම කන්න නම් දක්‍ෂයි. සෙට්‌ එකේ අනිත් අයට කලින් මුලින්ම කන්න පටන්ගන්නෙත් අන්තිමට ඉවර කරන්නෙත් මම තමයි. කන්න බොන්න ලැඡ්ජ වෙන්න හොඳ නැහැ...

මෑතක ඉඳන් දමිල සිනමාවට අකමැතියි කියන්නෙ...

අකමැත්තක්‌ නෙවෙයි. කලකිරීමක්‌ තියෙන්නෙ.. දමිල සිනමාවෙ මට ලැබුණු ලොකු අවස්‌ථාවක්‌ යම් හේතුවක්‌ නිසා මට අහිමි වුණා. ඒ නිසා මම තීරණය කළා හින්දි චිත්‍රපටවල විතරක්‌ රඟපාන්න. ඒක මම හිතලම ගත්තු තීරණයක්‌...

සම්මාන උළෙලවල්වලට යන්නෙ නැත්තෙ ඇයි...?

සම්මාන උළෙලවල්වලට යන්නෙ සම්මාන ලැබෙනවනම් නෙ. බලා ඉන්නත් කට්‌ටිය යනව. ඒත් මට ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක්‌ නැහැ. අනික ලැබෙන්න ඕනි අයට නෙවෙයිනෙ අද සම්මාන ලැබෙන්නෙත්...

හොලිවුඩ්වලින් ආරාධනාවක්‌ ලැබුණොත්...

ලැබුණොත් නෙවෙයි. මට එහෙම අවස්‌ථාවක්‌ ලැබුණ. ඒත් මට ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක්‌ තිබුණෙ නැහැ. කැමැත්ත තිබුණත් යන්න බැරි වුණේ ඒකයි. දැන්නම් අපරාදෙ කියල හිතෙනව. මගෙ පෙනුමත් බටහිරට හොඳට ගැලපෙනව...



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »