Home / බොලිවුඩ් ගොසිප් /  අදාළ නම් කමක් නෑ

 අදාළ නම් කමක් නෑ

2016-06-17 09:44:00       724
feature-top
ආදිත්‍ය චොප්රාගේ බෙෆික්රේ චිත්‍රපටයේදී රන්වීර් සිං විසින් වානි කපූර් 23 වරක දී සිප ගන්නා බවට බොලිවුඩයේ කටකතා පැතිර ගොස් තිබෙනවා. මේ ගැන එක් සම්මුඛ සාකච්ඡාවකදී රන්වීර්ගේ පෙම්වතිය, දීපිකා පදුකොන් ගෙන් විමසූ විට ඇය කියා ඇත්තේ මෙවැන්නක්. ඒ එම චිත්‍රපටයට අවශ්‍ය දෙයක්. චිත්‍රපටයට අවශ්‍ය නම් අදාළ නළු නිළියන් එය එසේ කළ යුතුයි. මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ, මොකද මමත් කලින් චිත්‍රපටවලදී මෙලෙස නළුවන් සිපගෙන තිබෙනවා.

බොලිවුඩයේ සුප්‍රසිද්ධ පෙම් යුවලක් වන මොවුන් දෙදෙනා මීළඟට සිය නිවාඩු කාලය ගත කිරීමට සැරසෙන ස්ථානය ගැනත් මේ දිනවල කතා පැතිරිලා. ඒ කතා වලට අනුව ඔවුන් සිය පවුල්වල උදවියද සමඟ දින 8ක යුරෝපීය සංචාරයක යෙදීමට නියමිතයි.

පසුගිය දිනවල දීපිකාට සහ රන්වීර්ට එතරම් සුබ නොවන ආරංචිද පැතිර යමින් තිබුණා. ඒ දීපිකා හොමි අදජනියා නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට තරමක් ළං වන බවත්, මේ අතර රන්වීර් නිරූපනි ශිල්පිනියක වන ජුලියා ඔර්ඩන් හා හාද වී ඇති බවත්ය. කෙසේ නමුත් ඒ කටකතා මේ වන විට තුනී වී ගොස් ඇති බවත් පෙනේ.



Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »