Home / බොලිවුඩ් ගොසිප් / මිර්ස්යා සමඟින් හර්ෂ්

මිර්ස්යා සමඟින් හර්ෂ්

2016-06-16 11:15:00       723
feature-top
හර්ෂ්වර්ධ්‍යන් කපූර් බොලිවුඩයේ නොඇසුණු නමක්. නමුත් අනිල් කපූර් නම් නොදන්නා බොලිවුඩ් රසිකයෙක් සොයා ගැනීම අසීරුයි. හර්ෂ් ඔහුගේ පුතණුවන්. හර්ෂ් රඟදක්වන ප්‍රථම චිත්‍රපටය, මිර්ස්යා ඔක්තෝබර් මාසයේ තිරගත වීමට නියමිතයි. එහි ප්‍රධාන චරිතය රංග දක්වන්නේ ඔහු යි . හර්ෂ් ගේ සොයුරිය වන සෝනම් කපූර් රිදී තිරයට පැමිණියේ ද 2005 වසරේ සාවරියා චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපාමින්.

මිර්සා සහිබාන් පිළිබඳ වන පන්ජාබ් ජනකතාවක ඇසුරින් නිර්මිත මිර්ස්යා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය තවත් හඳුන්වාදෙන නිළියක වන සයියමි ඛේර් විසින් රඟදක්වනු ඇති අතර, මොවුන් දෙදෙනා ගැනම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන රාකේෂ් ඕම්ප්‍රකාෂ් ඇතුළු බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටින බවයි කියවෙන්නේ.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »