Home / බොලිවුඩ් ගොසිප් / පරිනීති හදිසියේම ලන්ඩන් ගිහින්

පරිනීති හදිසියේම ලන්ඩන් ගිහින්

2016-06-14 11:17:00       729
feature-top
නව පරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වූ පරිනීති චොප්රා මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටින බව 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සඳහන් කරනවා. අය මෙසේ ලන්ඩන් නගරයට ගොස් ඇත්තේ සති කිහිපයක නිවාඩුවක් ගත කිරීමට බව සඳහන් වේ. මෙම ලන්ඩන් ගමනට පරිනීති සමගින් සිය සමිපතම මිතුරියන් සිවුදෙනෙකුද එක්ව සිටින බව මෙම වෙබ් අඩවිය සඳහන් කරනවා.

පසුගිය කාලයේ බොලිවුඩ් සිනමා නිර්මාණ අතර දකින්නට නොලැබුණ පරිනීති ඉදිරියේදී %මෙරේ ප්‍යාරි බින්දු^ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටියි. ඇය මෙම වෙබ් අඩවිය සමගින් එක්වෙමින් පවසා ඇත්තේ, එම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර තමා මෙම නිවාඩුව ගත කිරීමට යොදාගත් බවයි. ඇය සහ ඇයගේ මිතුරියන් සිවුදෙනා ලබන සතියේ බදාදා දින නැවතත් ඉන්දියාවට පැමිණීමට නියමිතව බව වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්.

sarawita.lk


More News »