Home / බොලිවුඩ් ගොසිප් /  රාණි දැන් ප්‍රංශයේ

 රාණි දැන් ප්‍රංශයේ

2016-06-13 11:07:00       725
feature-top
ආදිත්‍ය චොප්රා සමඟ විවාහවීමත් සමඟ රාණි මුඛර්ජි ටික කාලයකට සිනමාවෙන් දුරස් වුණා. දැන් පුංචි දියණිය ආදිරා නිසා රාණි ගොඩක් කාර්යබහුල වෙලා. මේ දවස්වල නම් මේ අම්මයි දුවයි දෙන්නම ඉන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. ඒ ආදිත්‍ය ඔහුගේ අලුත්ම චිත්‍රපටය බෙෆික්රේ රූගත කරන්නේ ප්‍රංශයේ නිසා.

මේ චිත්‍රපටයේ රාණි වගේම පුංචි ආදිරාත් ඉන්නවා කියලා ආරංචියි. හැබැයි ප්‍රධාන චරිතවලට නම් නෙවෙයි. ආරාධිත රංගනයක් වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් රාණි දියණියත් සමඟින් දර්ශන තලයට ගිය පසුව විශාල සෙනගක් ඇවිත් ඔවුන් වටකරගෙන.

ඉතිං රාණි පුංචි ආදිරාගේ තවත් ඡායාරූප අන්තර්ජාලයට එක්වෙන්න කලින් ඇයත් කැටුව ඉක්මනටම එතැනින් පිටවෙලා ගිහින්.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »