Home / බොලිවුඩ් ගොසිප් / කරන් සිං - බිපාෂා දෙවැනි මධුසමයක

කරන් සිං - බිපාෂා දෙවැනි මධුසමයක

2016-06-11 10:02:00       725
feature-top
කරන් සිං ග්‍රෝවර් සහ බිපාෂා බාසු විවාහ වුණේ අප්‍රේල් 30 දා. විවාහයෙන් පසුව දෙදෙනාම මධුසමය ගත කරන්න ගියේ මාලදිවයිනටයි. එරට සුන්දර වෙරළ තීරයක් සමීපයෙහි පිහිටි සුපිරි හෝටලයක ලැගුම් ගත් මේ යුවළ දින කිහිපයකට පසුව මවු රටට පැමිණියා. කවුරුත් හිතුවේ කරන් සහ බිපාෂා සුපුරුදු ලෙස තම තමන්ගේ චිත්‍රපටවල වැඩ කටයුතුවල නියැළේවී කියලයි. ඒත් ඒ සිතුවිලි කණපිට හරවමින් මේ දෙදෙනා තවත් මධුසමයකට විදේශගත වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ දෙවැනි මධුසමයට දින ගණනාවක් ගතවේවිය කියලයි ආරංචි.

පළමු මධුසමය හරිම උණුසුම් අත්දැකීමක් ජීවිතයට එකතු කළා. ඒත් ඒක කෙටි කාලයක් විතරයි. දැන් අපි දෙන්නා තීරණය කරලා තියෙන්නේ දීර්ඝ මධුසමයකට පිටරට යන්නයි. බිපාෂා මෙලෙස කීවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

විවාහය තමන්ගේ ජීවිතය වෙනසකට යොමු කළ අයුරු ද ඇය හෙළි කළා... කරන්, මාත් එක්ක එදා පෙම්වතුන් විදිහට හිටපු හැටියටම තමයි අදත් ඉන්නෙ. එදා වගේම අදත් අපි දෙන්නට දෙන්නා ආදරෙයි. ඒ ආදරේ දවසින් දවස වැඩි වෙනවා වගෙයි මට දැනෙන්නෙ. ‍මම ඉන්ස්ටග්‍රෑම් එකේ මගේ නම ලිව්වෙ බිපාෂා බාසු සිං ග්‍රෝවර් කියලයි.

බිපාෂා - කරන් දැන් එකඟත්වයකට පැමිණ සිටිනවා. ඒ, මින් මතුවට චිත්‍රපටවල රඟපාද්දී සිපගන්නා දර්ශනවලින් හෝ ප්‍රේම ජවනිකාවලින් ඉවත්ව සිටින්නටයි. ඒ විතරක් නොවෙයි, බිපාෂා මින් මතුවට කිසිදු චිත්‍රපට දර්ශනයක බිකිනියකින් සැරසී සිටීමත් ප්‍රතික්ෂේප කරලා.

බිපාෂා මේ අයුරින් අනාගත වැඩ කටයුතු පැවසුවත් දෙවැනි මධුසමය ගත කරන්නේ කොහේදැයි නොකියන්නට නම් වග බලා ගත්තා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »