Home / බොලිවුඩ් ගොසිප් / ඇඟ පේන්න අඳින්න මං ආසයි පූනම් පාණ්ඩේ

ඇඟ පේන්න අඳින්න මං ආසයි පූනම් පාණ්ඩේ

2016-05-06 01:29:00       723
feature-top
පූනම් පාණ්ඩේ ඉන්දියානු ජාතික නිරූපිකාවක්. 2011 වසරේ පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළොත්, තමන් නිරුවතින් මහමග ගොස් පී්‍රතිය සමරන බවට කළ අනාවැකිය විසින් ඇය තරුවක් බවට පත් කළා. මේ පූනම් පාණ්ඩේ සමග ඊඪථඥඵ ධට දඤඪච සඟරාව කළ සාකච්ඡාවක සිංහල අනුවාදයයි.

ඔබ සතු සුවිශේෂම ඇබ්බැහිවීම් මොනවද?
මම සෙල්ෆි ගහන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. කෑම කනකොට, නානකොට, නින්දට යනකොට මම මගේම පින්තූර ගහගන්නවා. මම පූනම් පාණ්ඩේ කියන මටම වශීවෙලා ඉන්නේ. ඒකයි නිතරම පින්තූර ගහන්නේ.

රංගනය ගැන ඔබේ ඉදිරි සැලසුම් මොනවද?
මගේ රංගන හැකියාව මොනවගේද කියලා අදහසක් ඇත්තටම මට නැහැ. සාමාන්‍යයෙන් මම රඟපෑ දෙයක් තිරයේ විකාශය වෙද්දී මට මගේ ගැන සතුටක් ඇති වෙනවා.

ඔබ කැමැති මොනවගේ වැඩ භාර ගන්නද?
සුපර් ස්ටාර් නළුවෝ එක්ක ගස් වටේ දුව දුවා රඟන්න නම් මම කැමැතිම නැහැ. මම වැඩිහිටියන්ට විතරක් සුදුසු චරිත රඟපානවා කියලා අදහසක් ඒකෙන් කියැවෙන්නේ නැහැ. මම කැමැතියි වෙනස් වෙනස් චරිත ටිකක් අත්හදා බලන්න.

ඔබ කැමැති මොන විදියේ පිරිමින්ටද?
මම පිරිමින්ට වැඩිය කැමැති නැහැ. ඒක පුංචිම කා‍ලේ මම මුහුණ දීපු සිදුවීමක් නිසා ඇතිවෙච්ච ආකල්පයක්.

කැමැති නැද්ද අපට ඒ සිදුවීම කියන්න?
‍පොඩි කා‍ලේ ඉස්කෝලෙදී මම පිරිමි ළමයකුට ආදර යෝජනාවක් කළා. ඒ ළමයා බයවෙලා ඒ වෙලාවෙම පන්තියේ ගුරුතුමියට ඒ ගැන පැමිණිලි කළා. මට පිරිමි අය එපා වුණේ අන්න එදා.

හොඳ ගැහැනු පිරිමි සම්බන්ධතාවක් ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
හොඳ සම්බන්ධතාවක් කියන්නේ හැම අතින්ම 100 ක් ගැළපෙන දෙන්නෙක් එකට එකතුවීම ‍නෙවෙයි. බොළඳ වැඩ තියෙන්න ඕන ආදරේ ඇතුළේ. අවංක වෙන්න ඕන. ඇත්තටම රණ්ඩු නැති ආදරේ හොඳ මදි. රණ්ඩු වෙන එක හරියට කෑමකට ලුණු දානවා වගේ.

ඔබ කොහොමද ඇඟ හැඩට තියාගෙන ඉන්නේ?
කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ මගේ කෑම පුරුදු ගැන. මම මෙහෙම හිටියට සෑහෙන්න පිටි කෑම කන කෙනෙක්. මම පීසා සහ බර්ගර්වර්ග කන්න හරි ආසයි. තෝරන්නේ බේරෙන්නේ නැතිව මම කනවා. ඒත් දෙයියනේ කියලා දෙවියන් වහන්සේ කරුණාවන්තයි. එයා මාව මහත් කරන්නේ නෑ.

නිරෝගීතාව වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ?
මම භාවනා කරනවා. යෝග ව්‍යායාම කරනවා. ඉඳලා හිටලා ජිම් එකට යනවා. වතුර බොනවා. එච්චරයි.

ඇඟ පේන්න විලාසිතා කරලා මොනවගේ සතුටක්ද ඔබ ලබන්නේ?
මේ දවස්වල පුදුම රස්නයක් තියෙන්නේ. ඒ නිසා මම අඩුවෙන් ඇඳුම් අඳින්න ආසයි. කොහොමත් ටිකක් වැඩිපුර ඇඟ පේන විලාසිතා කරලා පින්තූර ගන්න මම කැමැතියි.

සමාජ ජාල වබේ අඩවිවලට පින්තූර මුදාහරින්නේ කිසියම් සැලසුමකට අනුවද?
කොහෙත්ම නැහැ. හිතෙන හිතෙන වෙලාවට මං ඒ දෙය කරනවා.

ෆේස්බුක් පින්තූරවලට හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?
ඔව් ඔව්. මගේ ව්ධබඪටඪජචබඪධද තීරය එක එක්කෙනාගේ කොමෙන්ට්ස්වලින් පිරිලා යනවා.

ඔබ මුදාහරින කාමුක පින්තූර නිසා ඔබට විවිධ ඇරියුම් ලැබෙනවා ඇති?
ඔව්. ‍පොඩි ‍පොඩි වීඩියෝ චිත්‍රපට 30-40 ක් මම දැනට ප්‍රතික්‍ෂේප කරලා ඇති. ලැබෙන හැම වැඩේම භාරගන්න මම පුරුදුවෙලා නැහැ.

සමාජ මාධ්‍යය කියලා එකක් තිබුණේ නැතිනම් පූනම් පාණ්ඩේ කියන නිළියට මොකද වෙන්නේ?
එහෙම අසුබ කතා කියන්නවත් එපා. මම සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. සමාජ මාධ්‍ය නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බැහැ.



Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »