Home / බොලිවුඩ් ගොසිප් / රන්දීප්ට සැත්කමක්

රන්දීප්ට සැත්කමක්

2016-05-04 11:36:00       725
feature-top
චිත්‍රපට රූගත කිරීම්වලදී නළු නිළියන්ට ඇතැම් විට මුහුණ දෙන්නට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීම්වලටයි බොලිවුඩ් සිනමා ලොවට මෑතකදී එක්වූ රන්දීප් හූඩා‍ත් පසුගිය දා එවැනි අපහසුතාවකට පත්වුණා. සුල්තාන් නම්වූ අලුත්ම චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටිද්දී ඔහු හදිසි‍යේම එම දර්ශන තලයේදී ඇද වැටුණා. රන්දීප් ඒ මොහොතේ රඟපාමින් සිටියේ සුපිරි නළු සල්මන් ඛාන් එක්කයි. බිම ඇද වැටුණු රන්දීප් තම උදරය අල්ලාගෙන කෙඳිරි ගෑවා. වහාම ඔහු අසලට පැමිණි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ සල්මන්, ඔහුව වත්තන් කරගෙන වාහනයක නංවා දිල්ලියේ රෝහලක් වෙත ගෙන ගියා.

තම සොහොයුරා හදිසියේ අසනීප වී රෝහල් ගත කළ බව දැනගත් රන්දීප්ගේ සොහොයුරිය වන වෛද්‍ය අන්ජාලි හූඩා වහාම එම රෝහල වෙත දිව ගියා. මල්ලී මීට මාස 2කට විතර කලින් එයාගෙ බඩේ කැක්කුමක් තියෙනවයි කියල කිව්වා. ඒත් වැඩිය ගණන් ගත්තෙ නැහැ. එයා මේ ළඟදී සරාබ්ජිත් කියන චිත්‍රපටයේ චරිතයක් රඟපෑවා. ඒ චරිතයේ අවශ්‍යතාව මත මල්ලී එයාගෙ බර සෑහෙන දුරට අඩු කරගත්තා. මම හිතන්නෙ මාසයකදී විතර එයාගෙ බර ගොඩක් අඩු වුණා. මෙන්න මේ කාලයේදී තමයි බඩේ කැක්කුමක් තියෙනවයි කිව්වෙ. එහෙම වේදනාවක් තියාගෙන රෑ දවල් නොබලා චිත්‍රපටවල වැඩ කළා. තම සොහොයුරාගේ තත්ත්වය පිරික්සූ වෛද්‍ය අන්ජලී එලෙස පැවසුවා. ඇය තවදුරටත් පැවසුවේ රන්දීප් ඇපෙන්ඩිසයිටීස් රෝගයෙන් පීඩා විඳි බවයි.

සල්මන් සමඟ සුල්තාන් චිත්‍රපටයේ ඔහු රඟපාද්දී තමයි, මේ රෝගය උත්සන්න වී ඇත්තේ. රන්දීප්ව රෝහල් ගත කළ පසු ඔහුට සැත්කමක් සිදුකර තිබෙනවා. රන්දීප් තම බර කිලෝ 18 කින් අඩු කරගෙන ඇතැයි පැවසෙනවා. ඒ, සරාබ්ජිත් චිත්‍රපටයේ සිර ගෙදර දර්ශනයක රඟපෑම වෙනුවෙන්. තමන්ට රඟපෑමට ලැබෙන චරිතයට රන්දීප් සූදානම් වන්නේ තම සෞඛ්‍යය ගැනවත් නොසිතා බවයි, වෛද්‍ය අන්ජලී කීවේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »