Home / බොලිවුඩ් ගොසිප් / සෝහා ගේ විවාහ දිවිය ස්ථාවරයි

සෝහා ගේ විවාහ දිවිය ස්ථාවරයි

2016-05-03 10:19:00       726
feature-top
සෝහා අලි ඛාන් යොවුන් පරපුර අතර ජනප්‍රියත්වය රඳවා ගන්නට සමත් වූ නිළියක්. ඇය බොලිවුඩ් සිනමාවට එක්වුණේ මවගේ රංගන හැකියාවනුත් තුරුළු කරගෙනයි. සහජයෙන්ම ලද ඒ වාසනා ගුණය ඇයටත් ඇගේ වැඩිමහල් සොයුරාටත් නොඅඩුව පිහිටා තිබෙනවා.

සෝහාගේ මව සිනමා රසික පරපුරට අමුතුවෙන් හඳුන්වාදීම අනවශ්‍යයි. ඇගේ මව තමයි, එදා හින්දි සිනමා යුගය බැබළ වූ ශර්මිලා තාගෝර්. සොහොයුරා, ජනප්‍රිය නළු සායිෆ් අලි ඛාන්. පියා, රාජ වංශයක කුමරෙක්. ඔහු තමයි මන්සූර් අලි ඛාන් පතාවුඩි කුමරු. සෝහාගේ මවත් පියාත් වසර 44ක් තිස්සේ විවාහ ජීවිතය ගත කළේ සාමකාමීවයි. ඔවුන් දෙදෙනා අතර ඇතැම් විට සුළු ප්‍රශ්න ඇති වුණත් ඒවා විවාහ ජීවිතය දෙදරා යන්නට තරම් බරපතළ දේවල් වුණේ නැහැ.

කුඩා කල පටන්ම සෝහා තම දෙමවුපියන් ගත කළ සාමකාමී ජීවිත හොඳින්ම දුටුවා. ඒ යුග දිවිය ආදර්ශයට ගෙන තමන්ගේ යුග දිවියත් හොඳින් පවත්වාගෙන යන්නට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි, සෝහා පසුගිය දා කියා සිටියේ. ඇගෙන් එවැනි ප්‍රකාශයක් නිකුත් වූයේ ඇය සහ සැමියා වන කුනාල් ඛේමුගේ විවාහය දෙදරන්නට පටන් ගෙන ඇති බවට මෑතකදී පළවූ පුවත් කිහිපයක් හේතුවෙන්.

සෝහා සහ කුනාල් විවාහ වුණේ මීට මාස 14කට පමණ උඩදියි. පසුගිය දිනවල බොලිවුඩ්පුරය තුළ එක දිගට සිදුවූ යුග දිවි දෙදරා යාම් මැද්දට සෝහා සහ කුනාල්ගේ නම් දෙක ද එකතු වී තිබුණා. ඉන්දියාවේ විවිධ මාධ්‍යයන් ප්‍රකාශ කළේ සෝහා සහ කුනාල් වෙන්වී ඇති බවයි... මේ ආරංචි ඇහුවාම මට හිනා ගියා. පුංචි සිද්ධියක් අල්ලගෙන කාරණා නොදැනයි මේ වගේ කටකතා පතුරුවන්නෙ. මුලින්ම කිව්වෙ මමයි, කුනාල් අතරෙයි යම් යම් ප්‍රශ්න මතුවෙලා කියලයි. ඊට පස්සෙ අපි දෙන්න රණ්ඩු වුණා කියලා කටකතා පැතිරුණා. ඊටත් පස්සෙ තමයි අපි දෙන්න දික්කසාද වෙන්න ‍යනවයි කියල කතන්දර හැදුණේ. සාමාන්‍යයෙන්, විවාහ ජීවිතයක් තුළ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. මගේ දෙමවුපියන් අතරත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඒ මොකද, අම්මගෙයි තාත්තගෙයි වෘත්තීන් වෙනස් නිසා. ඒත් බරපතළ ප්‍රශ්න ඇතිවෙලා දෙන්නා දෙපසට වුණේ නැහැ. සෝහා කටකතාකාරයින්ට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »