Home / බොලිවුඩ් ගොසිප් / කට්රිනාගේ හිත දෙතැනක

කට්රිනාගේ හිත දෙතැනක

2016-05-02 11:33:00       724
feature-top
කට්රිනා කායිෆ්, රන්බීර් කපූර් සමඟ එක වහලක් යට ජීවත්වූ බව නොරහසක්. ඒත් දෙදෙනා විරසක වූ පසුව රන්බීර්, ඒ නිවහනෙන් පිටමං වුණා. මේ දෙදෙනා පදිංචිව සිටියේ කාටර් රෝඩ් ප්‍රදේශයේ පිහිටි නිවසේයි. රන්බීර් එම නිවසින් පිටත්ව තම දෙමවුපියන් සෙවණට ගියා. ඒත්, කට්රිනා කාටර් රෝඩ් නිවසෙහිම තනිවම පදිංචිව සිටියා.

කට්රිනා ඒ අතරේදී අලුත් නිවසක් මිලදී ගන්නට උත්සාහ කළා. එහිදී ඇයට සුපිරි නළු සල්මන්ගේ උදවුවත් ලැබුණු බවයි ආරංචි පැතිරී ගියේ. නිවසක් සොයමින් ගිය ඇයට බන්ද්‍රා ප්‍රදේශයේ නවීන පන්නයේ නිවසක් ලැබුණා. එය මිලදී ගත් කට්රිනා ඊට අවශ්‍ය බඩුමුට්ටු ද මිලදී ගත්තා. කවුරුත් හිතුවේ ඇය එහිම පදිංචි වේවි ය කියලයි. නමුත් දැන් කට්රිනා කාටර් රෝඩ් නිවසටත් යන එන බවයි ආරංචි. ඇය ඒ නිවස වෙනුවෙන් තවත් මාස 6කට කුලියක් ගෙවලා. කට්රිනා ඒ පැරැණි නිවසට කැමති එය මුහුදට මුහුණලා පිහිටා තිබීම නිසාලු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »