Home / බොලිවුඩ් ගොසිප් /  මමී අලුත් වෙලා තවත් බොලිවුඩ් තරුවක්

 මමී අලුත් වෙලා තවත් බොලිවුඩ් තරුවක්

2016-04-29 11:23:00       724
feature-top
දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රාගෙන් පසුව හොලිවුඩ් යන තවත් බොලිවුඩ් නිළියක් ගැන ආරංචි වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි හුමා කුරේෂි. ඇය බද්ලාපූර්, දේද් ඉෂ්කියා, ගැංග් ඔෆ් වසිපූර්, ඩී-ඩේ වැනි චිත්‍රපටවලට දායක වුණා.

සුපසිද්ධ චිත්‍රපට ත්‍රිත්වයක් වූ The Mummy ප්‍රතිනිර්මාණය වෙනුවෙන් තිර පරීක්ෂණයට හුමා සහභාගි වෙලා. මේ නිසා බොලිවුඩෙන් හොලිවුඩයට යන අලුත්ම තරුව වෙන්නේ හුමා කියලයි කියවෙන්නේ.

The Mummy නව චිත්‍රපට මාලාවට පැරණි නළු නිළියන්ගේ දායකත්වය නොලැබෙන බවත් සඳහන්. ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි දුෂ්ට චරිතයට පණ පොවන්නේ සොෆියා බුටෙලා. හුමාට ලැබෙන්න නියමිතව තියෙන්නේ ටොම් කෲස්ගේ පෙම්වතියගේ චරිතය යි.

මේ අවස්ථාව හරි ගියොත් ඇයටත් හොලිවුඩයේ හොඳ ආරම්භයක් තියේවි.

More News »