Home / බොලිවුඩ් ගොසිප් / ආර්යන් සිනමාවට ෂාරුක් ගෙන් අගය කළ යුතු කතාවක්

ආර්යන් සිනමාවට ෂාරුක් ගෙන් අගය කළ යුතු කතාවක්

2016-04-28 11:08:00       725
feature-top
දැන් මැදිවිය ගත කරන ජනප්‍රිය බොලිවුඩ් තරු කිහිප දෙනෙකුගේම දූ පුතුන් බොලිවුඩයට පැමිණි සිටිනවා. ඊළඟට ෂාරුක් ඛාන්ගේ පුතා ආර්යන් ඛාන් ළඟදීම සිනමාවට ගෙනෙන්නේ තමන් බව කරන් ජොහාර් පවසනවා.

ද්විතීය අධ්‍යාපනයෙන් පසුව ආර්යන් මේ දිනවල උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයක් සොයමිනුයි සිටින්නේ. ඒවගේම ඔහු බොලිවුඩය දෙසට හැරෙමින් සිටින බවත් ආරංචියි. එහෙම වුණත් බොලිවුඩයට එන්න පෙර දැනටමත් තමන්ගේ වැඩිමහල් පුතා ආර්යන්ටයි දියණිය සුහානාටයි ෂාරුක් ලොකු කොන්දේසියක් දාලා අවසන්.

අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරලා තමයි මේ දෙදෙනාටම සිනමාවට එන්න වෙන්නේ. මොකද තමන්ගේ දරුවන් උපාධිය ලබා ගැනීම ෂාරුක් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න දෙයක්. මම නළුවෙක් වුණ නිසාවත් ෂාරුක් ඛාන් නිසාවත් මගේ දරුවන් සිනමාවට එන්න ඕනේ නැහැ. ඒක වැරදි අදහසක්. මම රඟපාන නිසා ඔවුන් රඟපාලා වැඩක් නැහැ. මුලින්ම ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබාගන්න ඕනේ. ඔවුන් උත්සාහ කළ යුත්තේ, ඉන්දීය සිනමාව ඊළඟ තලයට ගෙන යන්නයි. මම ඔවුන්ට කියන්නේ ඉන්දීය සිනමාව ඔයාලගේ තාත්තා හොඳ තැනකට ගෙනාවා. ඒ නිසා දැන් ඉන්දීය සිනමාව ඉහළට ගෙන යාම අපේ පවුලේ වගකීමක් කියලයි ෂාරුක් පවසනවා.

ආර්යන්ට වඩා සිනමාවට ගොඩක් කැමැති දියණිය සුහානා කියලත් ෂාරුක් පවසනවා. ඔවුන් රංගනයට කැමැති නම් මං සතුටුයි. ඔවුන් අකමැති නම් ඒත් මං සතුටුයි. ෂාරුක්ගේ අදහසයි.

More News »