Home / බොලිවුඩ් ගොසිප් / අනිල් කපූර්ගේ පුතා බොලිවුඩයට

අනිල් කපූර්ගේ පුතා බොලිවුඩයට

2016-04-27 01:26:00       727
feature-top
ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ පුතු, හර්ෂ්වර්ධන් කපූර් බොලිවුඩ්පුරයට එක්වෙලා. ඔහුගේ කුලුඳුල් රංගනයන් ඇතුළත් වන චිත්‍රපටය මේ වසරේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීණ අධ්‍යක්ෂ රාකේෂ් ඕම් ප්‍රකාශ් මෙහෙරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නම, මිර්සියා. එය ඛේදාන්තයක් වූ ආදර කතාවක් බවයි පැවසෙන්නේ.

හර්ෂ්වර්ධන්ගේ සොයුරිය වන සෝනම් කපූර් මේ වන විට බොලිවුඩ් සිනමාව තුළ ලබා ඇති ජනප්‍රියත්වය ගැන වගතුග අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. බොහෝ දෙනා පවසන්නේ හර්ෂ්වර්ධන්, ඔහුගේ පියා (අනිල් කපූර්) ගේ ස්වරූපයට බෙහෙවින් සමාන බවයි. ඒත් අනිල් පවසන්නේ තම පුතුගේ හැඩරුව තම බිරියගේ හැඩරුවට සමාන බවයි. පුතා නම් මම වගේ නෙමෙයි, අම්මා වගේ. පුතා මං වගේ කියලා කියනවටත් අකැමැතියි. අනිල් සිනාසෙමින් පැවසුවා.

මිර්සියා චිත්‍රපටයේ හර්ෂ්වර්ධන් සමඟ රඟන්නේ තවත් නැවුම් නිළියක්. ඇය තමයි, සියාමි ඛෙයර්. ඇය හින්දි සිනමාවේ ප්‍රවීණ නිළියක වූ ඌෂා කිරන්ගේ මිනිබිරියයි. මිර්සියා චිත්‍රපටය ලබන ඔක්තෝබර් මාසයේදී තිරගත වනු ඇතැයි පැවසෙනවා.


More News »