Home / බොලිවුඩ් ගොසිප් / අර්ජුන්-ආතියා අතිනත පටලවාගෙන

අර්ජුන්-ආතියා අතිනත පටලවාගෙන

2016-04-25 09:54:00       723
feature-top
චිත්‍රපට නිෂ්පාදක, බොනී කපූර්ගේ පළමු විවාහයේ පුත්‍රයා තමයි, අර්ජුන් කපූර්. ඔහු දැන් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක්. දැන් තිරගත වන කි ඇන්ඩ් කා චිත්‍රපටයේ ද ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.

අර්ජුන්, පසුගිය දිනවල මේ චිත්‍රපටයේ ප්‍රවර්ධනාත්මක වැඩ සටහන් කිහිපයකටම එක්වූයේ දැඩි උද්යෝගයකින්. ඔය අතරෙදි එක්තරා කටකතාවකට යළි පණ ලැබුණා. පසුගිය කාලයේදී තරමක් යටපත්ව තිබුණු මේ කතාවේ නායකයා අර්ජුන්. කතා නායිකාව ආතියා ශෙට්ටි. නව යොවුන් තරුණියක වන ඇය දැන් නැඟී එන නිළියක්. ඇය, ප්‍රවීණ නළු සුනිල් ශෙට්ටිගේ දියණියයි. යළි පණ ලැබූ කතාවෙහි සඳහන් වුණේ අර්ජුන් සහ ආතියා දැන් නිතරම හමුවන බවයි. යම් යම් උත්සව අවස්ථාවලට සහභාගි වන මේ දෙදෙනා බොහෝ වේලාවක් කතාබස් කරමින් සිටින බවයි තතු දන්නා අය පවසන්නේ.

චිත්‍රපට අධ්‍යක්ෂ පනිත් මල්හොත්‍රාගේ උපන් දින සාදය මෑතකදී පැවැත්වුණු අවස්ථාවේදී අර්ජුන්, ආතියා සමඟ එයට පැමිණි ආකාරය කවුරු කවුරුත් හොඳින් ඇස් ඇර බලා සිටියා. දෙදෙනා උපන් දින සාදයට පැමිණියේ අතිනත පටලවාගෙන වීම මීට හේතුවයි.

අර්ජුන් සහ ආතියා දැන හඳුනන්නේ කුඩා කල පටන්. අර්ජුන්ගේ සොහොයුරිය වන අන්ශුලා කපූර්ගේ හොඳම මිතුරියත් ආතියාලු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »