Home / බොලිවුඩ් ගොසිප් / අජේ නූලෙන් බේරෙයි

අජේ නූලෙන් බේරෙයි

2016-04-23 09:59:00       725
feature-top
වසර ගණනකට කලින් තිරගත වුණු තමන්ගේ මුල්ම රඟපෑම් ඇතුළත් පූල් ඕර් කාන්තේ චිත්‍රපටයේ ඔහු අතිශය ත්‍රාසජනක රංගනයක් ඉදිරිපත් කළා. මෝටර් බයිසිකල් දෙකක එකවර නැඟී ඔහු නිරූපණය කළ රංගනය ප්‍රේක්ෂක මනසින් කිසිදා බැහැර වන්නේ නැහැ. එවැනි අවදානම් සහගත රංගනයන් ඉදිරිපත් කරන්නට ඔහු දක්වන හැකියාවන් නිසා ඔහු ප්‍රකටව සිටින්නේ බොලිවුඩ් පුරයේ දක්ෂතම ක්‍රියාදාම නළුවකු හැටියටයි. ඔහු තමයි, කවුරුත් දන්නා අජේ දේව්ගන්.

මේ සුපිරි රංගන ශිල්පියා මෑතකදීත් එවැනිම ත්‍රාසජනක රංගනයක් නිරූපණය කළේ කවුරුත් විස්මයට පත් කරවමින්. පසුගිය දිනවල රූගත කිරීම් සිදුවූ මේ චිත්‍රපටය, ශිවායි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් නිෂ්පාදකවරයාත් අජේමයි. මෙහි දර්ශන කිහිපයක්ම බල්ගේරියාවේ සොෆියා නුවර දී පසුගිය දා රූගත වුණා. මෝටර් රථ දෙකක් යොදාගෙන සිදුකළ එක්තරා ත්‍රාසජනක දර්ශනයක රඟපෑවේ අජේයි. එය සොෆියා නුවර වීඳියකදීයි, නිරූපණය වුණේ. එම දර්ශන වෙනුවෙන් එම වීඳියෙහි සෑම පැත්තක්ම වසා දමා තිබුණා.

දර්ශනය රූගත වීම ඇරැඹුණා. කහ පැහැති සහ නිල් පැහැති මෝටර් රථ දෙකක් මේ දර්ශනයට එක්කර ගෙනයි තිබුණේ. කහ පැහැති රථයේ බොනට්ටුව මත අජේ වාඩිවී සිටිමින් නිල් පැහැති අනෙක් රථයට පනින දර්ශනයක් තමයි රූගත වුණේ. දැන් අජේ සිටින රථය වේගයෙන් ඉදිරියට ඇදෙනවා. එයට සමීපව අනෙක් රථය ධාවනය වෙද්දී අජේ එම රථයේ බොනට්ටුවට පැනීමයි සිදුවිය යුතු වුණේ. නමුත් සැලසුම් කළ පරිදිම ඔහුට එය කළ හැකි වුණේ නැහැ. අධික වේගයෙන් වීඳියට ඇතුළු වූ නිල් පැහැති රථය අජේ වාඩිවී සිටි රථයේ පිටුපස ගැටුණා. එම සිදුවීම චිත්‍රපට කණ්ඩායමේ ශිල්පියකු මෙලෙස විස්තර කළා...

ඒක හරිම දරුණු ගැටීමක්. අජේ සර් නිල් පාට කාර් එකේ බොනට් එක උඩට පනින්නයි ලෑස්ති වෙලා හිටියෙ. ඒත් කවුරුත් නොහිතපු විදිහට අජේ සර් හිටපු වාහනයේ අනිත් වාහනය හැපුණා. තව පොඩ්ඩෙන් සර් තුවාල වෙනවා. අපේ යුනිට් එකේ හිටපු කෙනෙක් තමයි, අජේ සර්ව බේර ගත්තෙ. දෙවියන්ගෙ පිහිටෙන් සර්ට අනතුරක් වුණේ නැහැ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »