Home / බොලිවුඩ් ගොසිප් /  අමීර් වෙන්න ආසා කරන රන්වීර්

 අමීර් වෙන්න ආසා කරන රන්වීර්

2016-04-20 10:54:00       723
feature-top
රන්වීර් සිං ඉතාම කෙටි කාලයකින් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකර ගත් නළුවෙක්. දැන් ඔහුට ඕනි වෙලා තියෙන්නේ බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් වගේ වෙන්න. ඒ සුපිරි තරුව අමීර්. ඒ වගේම අමීර්ගේ දන්ගාල් චිත්‍රපටය බලන්නත් ඔහු නොඉවසිල්ලෙන් ඇඟිලි ගනිමින් සිටින බවත් ආරංචියි.

රන්වීර් දැන් ගෙනවන්නේ සිය ජිවිතයේ තිස් වැනි කඩඉමයි. මේ දිනවල ඔහු රංගනයෙන් දායකවන බජිරාඕ මස්තානි චිත්‍රපටයත් සාර්ථකව තිරගත වෙනවා.

2000 වසරේදී අමීර්ගේ තාරේ සමීන් පර් චිත්‍රපටය තමාගේ ජීවිතයට ලොකු වෙනසක් ගෙන ආ බව රන්වීර් කියනවා. ඔහුගේ තාත්තාට ඕනි වෙලා තියෙන්නේ රන්වීර් සාර්ථක ව්‍යාපාරිකයෙකු කරවීමටයි. නමුත් රන්වීර් සමඟින් තාරේ සමීන් පර් චිත්‍රපටය නැරඹු තාත්තා ඔහුට සිය ආසාව වූ රංගනය වෙත පැමිණෙන්න අවසර දීලා.

ප්‍රේක්ෂක හඳ බැඳ ගත් චිත්‍රපට පමණක් නොව අමීර්ගේ චිත්‍රපටවලින් සමාජයට හොඳ පණිවුඩයකුත් දෙන බවයි රන්වීර් කියන්නේ.


Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »