Home / බොලිවුඩ් ගොසිප් / ශ්‍රැතිගේ හිත හොඳටම රිදිලා

ශ්‍රැතිගේ හිත හොඳටම රිදිලා

2016-04-19 11:08:00       723
feature-top
ප්‍රවීණ නළු කමලා හසන්ගේ දියණිය, ශ්‍රැති හසන් ‍බොලිවුඩ් සිනමාවට එක්වුණේ තම පියා මෙන් දකුණු ඉන්දීය චිත්‍රපටවල රඟපෑමෙන් ලද අත්දැකීම් දෝතින් දරාගෙනයි. ඇය ද්‍රවිඩ, තෙලිගු, සහ කේරල චිත්‍රපටවලට ද රංගනයට එක්වී ජනප්‍රියත්වයට පත්ව, ක්ෂේත්‍රය තුළ හොඳ නමක් දිනාගෙන සිටියත්, ඇතැම් අවස්ථාවලදී ඇය වෙතින් යම් යම් දුර්වලතා මතුවෙන්නේ ඇයටත් හොරෙන්.

මෑතකදී තිරගත වූ ඕපිරි නම්වූ තෙලිගු - ද්‍රවිඩ ද්වි භාෂාවන්ගෙන් නිර්මාණය වූ චිත්‍රපටය කවුරුත් හිතුවාට වඩා සාර්ථක වුණා. හැම දෙනාම ඒ ගැන සතුටු වෙද්දී ශ්‍රැති පමණක් ඒ සාර්ථකත්වය ගැන නොසතුටින් සිටින බව කාට කාටත් පෙනී ගියා. ශ්‍රැතිගේ මේ නොසතුටට හේතුවක් තිබෙනවා.

මුලින්ම ඕපිරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන සිටියේ ශ්‍රැතිවයි. ඒත් මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනයට පෙර දිනයේ දී ශ්‍රැති එයින් ඉවත් වුණා. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සමඟ උණුසුම් වාග් සංග්‍රාමයක පැටලී ඇති ශ්‍රැති, එම චිත්‍රපටයෙන් වහාම ඉවතට ගිය බවයි පැවසෙන්නේ. ඇගෙන් හිස්වූ ඕපිරි චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට ඉන් පසුව තෝරාගෙන ඇත්තේ තමන්නා නම්වූ දකුණු ඉන්දීය නිළියයි. ඇතැම් අය පවසන්නේ තමන්නාගේ දක්ෂ රඟපෑම් ඕපිරි චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතුවක් වුණා ය කියලයි.

ඉතින්, මෙවැනි කතා ඇහෙද්දී ශ්‍රැති කනස්සල්ලෙන්, නුරුස්නා ගතියකින් ඕපිරි චිත්‍රපටය දෙස බැලීම පුදුමයක් නොවෙයි.


More News »