Home / බොලිවුඩ් ගොසිප් / කරන් සිං - බිපාෂා බක්මහේ දීගෙක?

කරන් සිං - බිපාෂා බක්මහේ දීගෙක?

2016-04-18 09:42:00       781
feature-top
ජෙනිෆර් වින්ගට් බොලිවුඩයේ ජනප්‍රිය රූපවාහිනී නිළියක්. ඇය වත්මන් බොලිවුඩ් සිනමාවේ තවත් ජනප්‍රිය නළුවකු වන කරන් සිං ග්‍රෝවර් සමඟ විවාහ වී සිටියා. ඒ, 2012 - 2014 අතර කාලයේදියි. කරන් සිංට ජනප්‍රිය නිළි බිපාෂා බාසු හමු වුණේ 2014 දී අලෝන් චිත්‍රපටයේ රඟපාද්දියි. ඉන් පසුව කරන් සිං සහ ජෙනිෆර් ගේ විවාහ දිවිය බිඳ වැටුණා. දැන් කරන් සිං සමීප වී සිටින්නේ බිපාෂා බාසු වෙතටයි. අලෝන් චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ හෙවත් පෙම්වතා සහ පෙම්වතියගේ චරිත පණ ගැන්වූ බිපාෂා සහ කරන් සිං, මේ වන විට සැබෑ ලොව පෙම්වතුන් බවට පත් වෙලා. ළඟදීම දෙදෙනා විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තු වන බවත් ආරංචියි. මේ විවාහ ගිවිස ගැනීම අප්‍රේල් මාසයේ දිනෙක සිදු වනු ඇති බවයි තතු දන්නා අය කියා සිටින්නේ.

ඒත්, කරන් සිං මේ ගැන කිසිවක් තවම ප්‍රකාශ කර නැහැ. මෑතකදී මුම්බායි මිරර් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කරන් සිං පැවසුවේ මෙවැනි දෙයක්...

මමයි බිපාෂායි අතරෙ ඔය කියන අන්දමේ දෙයක් තියෙනවානම් මම කියන්නම්. මට ටිකක් කාලය දෙන්න. ළඟදීම තිරගත වෙන මා රඟපෑ චිත්‍රපට නිසා තවත් කතන්දර ගොඩකට මුල පිරේවි. කරන් සිං කරුණු වසන් කරමින් තමයි එවැන්නක් කියා සිටියේ.

මේ අතර, කරන් සිං ගෙන් වෙන්වී සිටින ජෙනිෆර්, ඔහු සිටින අහලකට හෝ යන්නට දක්වන්නේ දැඩි අකැමැත්තක්. මෑතකදී පැවැත්වුණු රූපවාහිනී සම්මාන උලෙළකදී ඒ බව හොඳින්ම පෙනුණා. මේ රූපවාහිනී උලෙළ පැවැත්වූ ශාලාව වෙත ජෙනිෆර් පියමැන්නේ රතු පලස මතින්. වෙනත් නළු නිළියන් රතු පලස මතින් ප්‍රධාන ශාලාවට සන්සුන් ව, සිනාමුසු මුහුණින් යුතුව රූපවාහිනී කැමරා සහ සෙසු කැමරාවලට මුහුණ දෙමින් තමයි ගමන් කළේ. ඒත් ජෙනිෆර්ට ඒ සන්සුන් ගමන අමතක වුණා. ඇය අඩියට දෙකට ප්‍රධාන ශාලාවට ගියේ කවුරුත් පුදුමයට පත් කරමින්. පසුව හෙළි වුණේ කරන් සිං ද ඇයට තරමක් දුරින් ඇය පසුපස පැමිණෙන බව දුටු නිසා ඇගේ ගමන වේගවත් වූ බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »