Home / බොලිවුඩ් ගොසිප් / අනුෂ්කා, විරාට් ශක්තිමත් කළාලු

අනුෂ්කා, විරාට් ශක්තිමත් කළාලු

2016-04-10 10:11:00       725
feature-top
බොලිවුඩය සහ ක්‍රිකට් ලොව අතර පෙම් කතාවක් ගෙතූ අලුත්ම යුවළ තමයි, අනුශ්කා ශර්මා සහ විරාට් කෝලි. දෙදෙනාගේ ආදර කතාව ලස්සනයි. ඒත් සෑම ක්‍රිකට් තරගයක් අවසනදී දෙදෙනාම හොඳහැටි බැණුම් ඇසුවා. අනුශ්කා සහ විරාට් වෙත චෝදනා එල්ල කළ අය කීවේ විරාට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන විට අනුශ්කා ක්‍රීඩා මණ්ඩපයේ සිට විරාට් සමඟ උකුළු මුකුළු කළ නිසා ඔහු අසාර්ථක ක්‍රීඩකයකු වුණා ය කියලයි. මෙවැනි චෝදනා දිගින් දිගටම එල්ල වුණා.

මේ චෝදනා කළ අය පෙරළා දෝෂ දර්ශනයට ලක් කළ අයකු තමයි, හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක, සුනිල් ගවස්කාර්. පසුගිය දා ඔහු කීවේ අනුශ්කා සහ විරාට්ගේ ආදරයට අකුල් හෙලන පුද්ගලයන්ගේ ජීවිත තුළ කිසිදු ආදරයක් නොමැති බවයි. විරාට්ගෙයි අනුශ්කාගෙයි පෙම් සබඳකම ගැන වැඩි විස්තර නම් මම දන්නෙ නැහැ. ඒත් මම නම් හිතන්නෙ අනුශ්කා හොඳ ආදරවන්තියක් කියලයි. අනුශ්කා - විරාට් දෙන්නා හොඳ පෙම් යුවළක්. අනුශ්කා, විරාට්ගෙ ජීවිතයට හොඳ ස්ථාවරත්වයක් ගෙන දුන්නා. විශේෂයෙන්ම, ක්‍රීඩාවේදී අසාර්ථකත්වයට පත්වෙද්දි විරාට්ට ධෛර්යයක් ලබා දුන්නේ අනුශ්කායි. විරාට්ම කියල තිබුණා, අනුශ්කා තමයි එයාගෙ ජීවිතය සුබවාදී එකක් කළේ කියලා. මිනිස්සු නම් කියනවා, අනුශ්කා ප්‍රේක්ෂකාගාරයේ හිටිය නිසා විරාට් අවුට් වෙනවා කියලා. එහෙම දෙයක් වුණේ නැහැ, මැච් එකක් තියෙද්දි විරාට්ට පුළුවන් කමක් නැහැ අනුශ්කාව මුණ ගැහෙන්න. මගේ අදහස තමයි, විරාට්ට මිනිසකු හැටියට ඉදිරියට එන්න හැකියාව ලබා දුන්නේ අනුශ්කා කියලයි. සුනිල් ගවස්කාර් පැවසුවා.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »