Home / බොලිවුඩ් ගොසිප් / ඇත්තටම දීපිකා, රන්බීර් හමුවුණේ ඇයි?

ඇත්තටම දීපිකා, රන්බීර් හමුවුණේ ඇයි?

2016-04-09 11:19:00       723
feature-top
කට්රිනා කායිෆ්ගෙන් ඈත්ව හුදෙකලාව වෙසෙන රන්බීර් කපූර්ව මුණ ගැසෙන්නට දීපිකා පදුකෝන් රහසේම ගිය බව පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් දැනගන්න ලැබුණු උණුසුම් ආරංචියක්. ශ්‍රී ලංකාවේ පැවැති දීපිකාගේ සමීපතම මිතුරියකගේ විවාහ මංගල උත්සවයට සහභාගි වෙන්න කලින් ඇය රන්බීර්ව හමුවූ පුවත කාටත් කුතුහලය දනවන්නක් වුණා.

ඇත්තටම, දීපිකා, රන්බීර්ව හදිසියේ මුණ ගැසුණේ ඇයි? නිමා වූ පෙම් කතාව නැවතත් පටන් ගන්න ද? එහෙම දෙයකට නම් නොවෙයි. දෙදෙනා රහසේම මුණ ගැසී ඇත්තේ ළඟදී රූගත කිරීම් ඇරැඹීමට නියමිත චිත්‍රපටයක් ගැන කතා කර ගන්නයි. තවමත් නමක් යොදා නොමැති මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ හැටියට තෝරා ගෙන ඇත්තේ රන්බීර් සහ දීපිකායි. ඒ ගැන වැඩිදුර තොරතුරු දැන කියා ගන්නයි දීපිකාට වුවමනා වුණේ. ඒ නිසා ඇය රන්බීර් මුණ ගැසී මේ ගැන සෑහෙන වේලාවක් කතාබහ කළා.

‍මේ හමුවීම නිසා දීපිකාගේ පෙම්වතා වන රන්වීර් සිං කණස්සලු වී ඇතිදැයි සමහරු අහනවා. රන්වීර්ට මේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද, දැන් මේ දෙන්නම එකිනෙකාව හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නෙ. දෙන්නාගෙම පවුල්වල උදවියත් දැන් හරිම සමීපයි. දීපිකා රන්බීර්ව මුණ ගැහෙන්න යනවයි කියල රන්වීර් කලින් දැනගෙනයි හිටියෙ. එලෙස පැහැදිලි කළේ දීපිකා සහ රන්වීර්ගේ සමීප හිතවතෙක්. කෙසේ වෙතත්, කට්රිනා, රන්බීර්ගෙන් වෙන්වීමට ප්‍රධාන හේතුවක් වුණේ චිත්‍රපටයක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා රන්බීර් සහ දීපිකා එක්වී සංචාරය කිරීම බව රහසක් නොවෙයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »