Home / බොලිවුඩ් ගොසිප් /  කාලේ වෙනස් - තාලේ අලුත්

 කාලේ වෙනස් - තාලේ අලුත්

2016-04-08 11:30:00       724
feature-top
කරීනා කපූර් ඛාන් වාණිජ චිත්‍රපට සේම කලාත්මක චිත්‍රපටවලත් රංගනට දායක වෙන්න කැමැති බව පවසනවා. මේ ක්ෂේත්‍ර දෙකෙහිම සමබරතාවය පවත්වාගෙන යන්න තමයි ඇයගේ අදහස. විවාහයෙන් පසු ඇය රංගනය දැන දකින්නේ මෙලෙසින්.

අතීතයේදී නිළියන්ට විවාහයෙන් පසු චිත්‍රපටවල රඟපාන්න නොහැකි බවට ආකල්පයක් පැවතුණා. ඒත් දැන් තත්ත්වය වෙනස් කරීනා පවසනවා.

ඉස්සර නම් නළු නිළියන් ගැන සමාජයේ තිබුණේ ලොකු ගෞරවයක්. තම ප්‍රියතම නළු නිළියන් දකින්න ප්‍රේක්ෂකයන් දැක්වූයේ පුදුමාකාර උනන්දුවක්. ඒ වුණත් මට හැඟෙන්නේ නළු නිළියන් විවිධාකාර ඡායාරූප සමාජ වෙබ් අඩවිවල පළකර ඒ ගෞරවය විනාශකර ගෙන ඇති බවයි.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »