Home / බොලිවුඩ් ගොසිප් / විද්‍යා ආයෙත් පරණ චරිතයක

විද්‍යා ආයෙත් පරණ චරිතයක

2016-04-07 11:25:00       723
feature-top
විද්‍යා බග්චි නම් ගැබිණි කාන්තාව නැති වූ සිය සැමියා සොයා යන ගමනක් ගෙන එන කහානි චිත්‍රපටය පසුගිය 2012 වසරේදී තිරගත වුණා. අලුත්ම ආරංචිය නම් එහි දෙවැන්න දැන් රූගත කිරීම් ආරම්භ කරලා. කහානි චිත්‍රපටයේ විද්‍යා බග්චි වුණේ විද්‍යා බාලන්. එහි දෙවැන්නේදීත් බග්චි වෙන්නේ ඇයම යි.

මේ දිනවල බටහිර බෙන්ගාලයේ සුන්දර කඳුකර ප්‍රදේශයක කහානි 2 චිත්‍රපටය රූගත කරෙනවා. එහි විද්‍යා සමඟින් අර්ජුන් රාම්පාල් රංගනයේ යෙදෙනවා. කහානි 2 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුජෝයි ගෝෂ්.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »