Home / බොලිවුඩ් ගොසිප් / අමීෂා අසභ්‍ය දෙයක් කීවේ නැතිලු

අමීෂා අසභ්‍ය දෙයක් කීවේ නැතිලු

2016-04-05 10:00:00       723
feature-top
අමීෂා පටේල් මීට අවුරුදු කිහිපයකට කලින් ජනප්‍රියත්වයට පත්වී සිටි නිළියක්. ඒත් මෑතක පටන් ඇගේ රැඟුම් බොලිවුඩ් සිනමාව තුළ පෙර පරිදි ජනප්‍රියත්වයට පත්වුණේ නැහැ. කොහොම වෙතත් ඇය නිරතුරුවම සජීවී ප්‍රසංග සහ වෙනත් විනෝදාත්මක කටයුතුවලට එක්වන්නේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින්.

පසුගියදා අමීෂා, ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළා. මේ ක්‍රිකට් තරගය පැවැත්වුණේ බොලිවුඩ්පුරයේ සිනමා සහ ටෙලි නාට්‍ය නළු නිළියන්ගේ සහභාගිත්වයෙන්.

බොක්ස් ක්‍රිකට් ලීග්ස් යනුවෙන් නම් කර ඇති තරග මාලාවක එක තරගයක් සඳහායි අමීෂා සහ ටෙලිනාට්‍ය නළු කරන් වාහී එක්ව සිටියේ.

මෙහිදී ඇති වූ උණුසුම් වාතාවරණයකදී අමීෂා සහ කරන් වාහී අතර තදබල වචන හුවමාරුවක් සිදුවෙලා. මෙය අශෝභන සිදුවීමකැයි බොහෝ දෙනා පැවසුවා.

අමීෂා, කරන් හට පරුෂ වචනයකින් බැන වැදී ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරන් ගේ කණ්ඩායමේ ක්‍රීඩා කළ සුයාෂ් රායි කීවේ අමීෂා අසැබි වදන් කීවේ නැති බවයි.

අමීෂා අපට බැන්නා තමයි. එයා කිව්වා, මහත්වරුන් වගේ ක්‍රීඩා කරන්නය කියලා. ඒ මිසක අසභ්‍ය දෙයක් නම් කීව්වෙ නැහැ. සමහරු කියන්නේ සුයාෂ්, සිද්ධිය වසන් කර කතා කළ බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »