Home / බොලිවුඩ් ගොසිප් / ශිල්ප දක්වන්න ශිල්පාට බැහැ

ශිල්ප දක්වන්න ශිල්පාට බැහැ

2016-04-04 11:45:00       723
feature-top
ශිල්පා ශීරෝද්කාර්, 90 දශකයේ දී බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වූ නිළියක්. 1989 සිට 2000 වසර දක්වා චිත්‍රපට රැසක් රඟපෑ ඇය, 2010 දී බාරුඩ්: අ ලව් ස්ටෝරි චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව බොලිවුඩ් සිනමාවට යළි එක්වුණේ නැහැ.

2013 දී ඉන්දීය ටෙලි නාට්‍යවලට රංගනයෙන් එක්වූ ශිල්පා, මේ වන විට ස්ටාර් ප්ලස් චැනලයේ සිල්ඩිලා ප්්‍යාර් කා ටෙලි නාට්‍යයේ ජානකී තිවාරි නම් වූ චරිතය නිරූපණය කරමින් සිටිනවා.

මෙහි රූපගත කිරීම් කිහිපයක් පසුගියදා සිදු කෙරුණා. ශිල්පා එදින එක්තරා ජවනිකාවක් නිරූපණය කරමින් සිටිද්දී ඇද වැටීමෙන් ආබාධයකට ලක්වී ඇතැයි පැවසෙනවා. එදා ඇයට නියමිතව තිබුණේ පඩිපෙළක් බැසගෙන එමින් සිටිමින් දෙබස් ඛණ්ඩයක් පවසන්නයි.

කැමරාව ක්‍රියාත්මක වෙද්දී ඇය එලෙස රඟපාමින් එද්දී පය පැකිලී හදිසියේ ම පඩිපෙළ මතදී ඇගෙන වැටිලා. ඒ මොහොතේ ඇය සමඟ රඟපාමින් සිටියේ ටෙලි නළු, අභේ වකීල්. ඇදවැටුණු ශිල්පා අසලට ඔහු සහ ටෙලි නාට්‍යයේ සෙසු ශිල්පීන් පැමිණ ඇයව නැගිටුවා ගත්තා. ඒත්, ඇයට තනිවම සිට ගන්නටවත් හැකිවුණේ නැහැ.

මගේ කකුල පැටලිලා එකපාරට ම වැටුණා. මගේ කොන්ද තමයි, පඩිපෙළේ තදින් ම වැදුණේ. මං හිතන්නෙ මාස දෙකක් විතර යනතුරු මට ඇ‍ඳෙන්වත් බහින්න බැරිවේවි. හැබැයි, වාසනාවට මගේ අස්ථිවලට කිසිම හානියක් වෙලා නැහැ.

දැන් ම මට ඇවිදින්න බැරිවේවි. අසනීපය නිසා ඔවුන් පිටපත පොඩ්ඩක් වෙනස් කරලා. ඒ නිසා මට සනීප වෙනතුරු ගෙදරට වෙලා හිටියහැකි. ඒ ගැන අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වෙනවා. නිවෙසට වී වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටින ශිල්පා පැවසුවා.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »