Home / බොලිවුඩ් ගොසිප් / පූජා මාරියා වෙයි

පූජා මාරියා වෙයි

2016-04-01 11:40:00       723
feature-top
සරසවිය නරඹන සිනමාවට ළැදි ඔබ ලෝක පූජිත සිනමා කෘතියක් වූ සවුන්ඩ් ඔෆ් මියුසික් ගැන අසා ඇතුවට කිසිදු සැකයක් නැහැ. 1965 වර්ෂයේ නිර්මාණය වූ එය රොජර් ඇන්ඩ් හැමිස්ටන් යන නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක් ලෙසිනුයි කලඑළියට පැමිණියේ. සවුන්ඩ් ඔෆ් මියුසික් හි කතා පුවත ගෙතී තිබුණේ මාරියා නම් චරිතයක් කේන්ද්‍ර කර ගනිමිනුයි. මේ මාරියා ගුරුවරියකි. කර්නල්වරයකුට දාව උපන් ළමුන් හත් දෙනෙකු බලා කියා ගැනීම තමයි ඇගේ වගකීම වුණේ. ජූලි ඇන්ගුස් නම් ලෝ ප්‍රකට නිළිය මාරියාගේ චරිතයට පණ පොවනු ලැබුවා. සවුන්ඩ් ඔෆ් මියුසික් ලද ඉහළ ජනප්‍රියත්වය නිසාම රටවල් ගණනාවක එය ආභාෂයට ගනිමින් නිර්මාණ බිහි කළා. අපේ රටේ ද ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණා. මේ කියන්න හදන්නේ සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරු කර ගනිමින් නිර්මාණය වීමට නියමිත සිංහල චිත්‍රපටයක් ගැන. එය අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන්නේ ඉතාම විශිෂ්ට සිනමාකරුවකු බව ආරංචියි. දන්නවද කවුද මාරියාගේ චරිතයට පණ පොවන්නේ කියලා. වෙන කවුද? පූජා උමාශංකර් මිසක්. පූජා මේ දිනවල ලක ලැහැස්ති වෙනවලු මාරියා සඳහා. ඇය මාරියාව බොහොම අපූරුවට නිරූපණය කරාවි කියලයි වැඩි දෙනෙකු අදහස් දක්වන්නේ. කිව්වත් වගේ ඒ චරිතය දෙන්න ඊට ගැළපෙන කෙනෙක් නැහැ පූජා තරම්.

 

 
 


More News »