Home / බොලිවුඩ් ගොසිප් / විරාත් කෝලි පැරණි පෙම්වතිය වෙනුවෙන් පෙනී සිටී

විරාත් කෝලි පැරණි පෙම්වතිය වෙනුවෙන් පෙනී සිටී

2016-03-30 11:44:00       725
feature-top
ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වන විරාත් කෝලි සිය පැරණි පෙම්වතිය වන අනුෂ්කා ශර්මා වෙනුවෙන් අදහස් පළකර තිබෙනවා.

සමාජ මාධ්‍ය තම පැරණි පෙම්වතිය පිළිබඳ පළ කරන ඇතැම් කරුණු පිළිගත නොහැකි බවයි සුපිරි පිතිකරුවා ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම තමාගේ ක්‍රිකට් දිවියේ සිදුවන පසුබෑම් සම්බන්ධයෙන් අනුෂ්කා ශර්මාට චෝදනා කරන පුද්ගලයන් තමන් පිළිබඳවම ලැජ්ජාවට පත්විය යුතු බව ද විරාත් කෝලි පෙන්වා දෙනවා.

ඔහු සිය ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ අනුෂ්කා ශර්මාට චෝදනා කරන පුද්ගලයන් පිළිබඳ ලැජ්ජාවට පත්වන බවයි.

තම හිටපු පෙම්වතිය තමන්ට නිරන්තරයෙන් ඉදිරියට යාමට ධෛර්යය ලබාදී ඇතැයි ද ඉන්දීය පිතිකරුවා ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම තමා ට්විටර් ගිණුම ඔස්සේ පළකරන මෙම පණිවුඩයට ද කිසිදු අගය කිරීමක් අවශ්‍ය නොවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන පුද්ගලයන් ඔවුන්ගේ නැගණියට / පෙම්වතියට හෝ බිරිඳට මෙලෙස ප්‍රසිද්ධියේ චෝදනාවක් එල්ලවුයේ නම් කටයුතු කරන ආකාරය පිළිබඳ සිතා බැලීම වැදගත් බවයි විරාත් කෝලි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

More News »