Home / බොලිවුඩ් ගොසිප් / තරු දෙකක් ඇවිලෙයි

තරු දෙකක් ඇවිලෙයි

2016-03-29 10:42:00       724
feature-top
සුපිරි නළු, රිතික් රෝෂන් මේ දිනවල පැටලී ඉන්නේ සීතල යුද්ධයකයි. සීතල වුණත් දැන් නම් එය උණුසුම් අතකට හැරිලා. රිතික් එක්ක මේ අයුරින් පැටලී සිටින්නේ තවත් ජනප්‍රිය නිළියක්. ඇය තමයි, කන්ගනා රනාවුත්. මේ සුරූපී නිළිය සමඟ රිතික් චිත්‍රපට දෙකක රඟපෑවා. එයින් එකක් කයිට්ස්. අනෙක් චිත්‍රපටය ක්රී‍ෂ් - 3. මේ දෙදෙනා තවත් චිත්‍රපටයක රඟපාන්න තෝරාගෙන සිටියා. ඒ චිත්‍රපටය, ආෂික්වි - 3. කෙසේ වෙතත් කන්ගනාව මේ චිත්‍රපටයෙන් ඉවත් කෙරුණා.

ද්වන්ධ යුද්ධය පටන් ගත්තේ එතැනින් පසුවයි. රිතික් පවසන්නේ කන්ගනා තමන් වෙත ඊ-මේල් ඔස්සේ අසම්මත, විකාර රූපී පණිවුඩ එවූ බවයි. කන්ගනා පවසන්නේ රිතික් තමන් වෙතට ද එවැනි ඊ-මේල් පණිවුඩ එවා, පසුව තම ඊ-මේල් ගිණුමට හොරෙන් ඇතුළු වී ඒවා මකා දමා ඇති බවයි. ඔහු එවැන්නක් කළේ ඔහුට මතු දිනයකදී විඳින්නට සිදුවන අවමානයෙන් ගැලවීමට බවත් ඇය පවසනවා. මෙයට ප්‍රතිචාර දක්වන රිතික් පවසන්නේ කන්ගනා පසුගිය මාස කිහිපය තුළ තමන් වෙත එවැනි අසැබි පණිවුඩ 1439ක් එවා ඇති බවයි.

කන්ගනාගෙ ඊ-මේල් එඩ්‍රස් එක මට දුන්නේ 2014 මැයි මාසයේදී, කරන් ජොහාර්ගෙ පාටි එකේදි. ඒ නිසා මේ ඊ-මේල් එක කන්ගනාගෙ බව කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්. රිතික්ගේ මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ඇය කියන්නේ රිතික්, තමන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට තමන් වෙනුවෙන්ම විශේෂ ඊමේල් ගිණුමක් විවෘත කරගත් බවයි. කෙසේ වෙතත් දැන් මේ තරු යුද්ධය නීතිය ඉදිරියටත් ගමන් කරලා. කන්ගනාට එරෙහිව උසාවියේ පැමිණිල්ලක් කර ඇති රිතික් පවසන්නේ මෙතෙක් කන්ගනා විසින් තමන් වෙත කරන ලද අපහාසවලට ඇය තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු ය කියලයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »