Home / බොලිවුඩ් ගොසිප් / කරන් සිං බිපාෂා විවාහය දෙදරයි ද?

කරන් සිං බිපාෂා විවාහය දෙදරයි ද?

2016-03-28 10:13:00       673
feature-top
බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් අතර හාදකමක් පවතින බව බැලු බැල්මටම පෙනෙනවා. ඔවුන් දෙදෙනා ගමන් බිමන් යන ආකාරයෙන්, කතාබහ කරමින් සිටින විලාසයන්ගෙන් ඒ බව වටහා ගැනීම අපහසු නැහැ. මෑතකදී පැතිරී ගිය කතාවක කියැවුණේ කරන් සහ බිපාෂා විවාහ ගිවිස ගත් බවක්. මේ විවාහ ගිවිස ගත් කතාව මතු වුණේ බිපාෂාගේ සුරතෙහි ඉතා වටිනා දියමන්ති මුද්දක් පැලඳී තිබෙන බව මාධ්‍ය වේදීන්ට දැකගන්නට ලැබීමෙන්. එයින් පසුව බිපාෂාගෙන් දිගින් දිගටම කවුරුත් විමසුවේ විවාහ මංගල උත්සවය ගැනයි.

කරුණාකරල ටිකක් ඉන්න. කට කතා පතුරුවන්න එපා. මම විවාහ වෙන දවස මම කියනවා. විවාහ වෙන්න ඕනෙ නම් මම විවාහ වෙනවා. කටකතාවලින් ඔය වගේ දේවල් විහිළුවකට ලක් කරන්න එපා. බිපාෂා එලෙස පැවසුවා.

කෙසේ වෙතත් කරන් සිං සහ බිපාෂාගේ සම්බන්ධයට බිපාෂාගේ මව දැඩිව විරුද්ධ බවයි ආරංචි. එයට හේතුව, කරන් සිං මීට පෙර විවාහ වී එය කඩාකප්පල් කරගත් අයකු වීමයි. බිපාෂාගේ මව විතරක් නොවෙයි. පවුලේ අනෙකුත් සියලුම දෙනා ද මේ සම්බන්ධයට විරුද්ධ යැයි පැවසෙනවා. බිපාෂාගේ මව නිතරම ඇයට පවසන්නේ කරන් සිං ගෙන් ඈත්වී සිටින ලෙසයි.

මේ අතර කරන් සිං ගේ නිවසෙන් ද ඔහු වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම කරන් සිං ගේ මව ඔහුට පවසා ඇත්තේ බිපාෂා සමඟ පවත්වන සම්බන්ධය වහාම නවතා දමන ලෙසයි. මේ ගැන කරන් සිං ගේ හිතවතුන් ඔහුගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් නැවත විවාහ වන්නේ මවගේ ආශිර්වාදය ලැබෙන යුවතියක සමඟ පමණක් බවයි. එහෙමනම්, කරන් සිං සහ බිපාෂාගේ විවාහයත් පෙම් සබඳකමත් මායාවක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »