Home / බොලිවුඩ් ගොසිප් / වරුන් ධවාන් නැටුමක් නිසා අලකලංචියක්

වරුන් ධවාන් නැටුමක් නිසා අලකලංචියක්

2016-03-26 10:22:00       673
feature-top
බොලිවුඩ් පුරයේ තිරයෙන් පිටුපස ඇතිවන පෙම් බැඳුම්වල වගතුග හරිම ලස්සනට ගලාගෙන යනවා. ඇතැම් අවස්ථාවලදී නොසිතූ අයුරින් ඒවා අවලස්සන වන්නේ වටපිට දෙනෝදාහක් බලා සිටිද්දියි. ජනප්‍රිය නළු වරුන් ධවාන් සහ ඔහුගේ පෙම්වතිය වන රුවැති නිළි නටාෂා දලාල් අතර ද එවැනි අමිහිරි දෙයක් මෑතකදී සිදු වුණා.

චිත්‍රපට නිෂ්පාදක කිශෝර් බජාජ්ගේ දියණිය, ක්රේවශාගේ විවාහ මංගල උත්සවයේදී වරුන් සහ නටාෂා රණ්ඩු කරගත් බවයි පැවසෙන්නේ. මේ දබරයට මුල් වී ඇත්තේ නැටුමක්. මංගල උත්සවයේ සංග්‍රහයෙන් පසුව නටන්න කැමැති ගැහැනු පිරිමි සියල්ලන්ම එම ශාලාවේ ඉඩකඩ ඇති තැනකට එක්වුණා. සංගීත කණ්ඩායමේ වේග රිද්මයට මුසු වූ ගීත ගැයෙද්දී සියලු දෙනාම නටන්න පටන් ගත්තා. වරුන් ධාවාන් ද ඒ අතරට එක්වුණා. මඳ වේලාවකින් ඔහු සමඟ නටන්න එක්වුණේ ඔහුට වඩා වියපත් වූ රූමත් කාන්තාවක්. ඇය, වරුන් සමඟ හරි හරියට නැටුවා. මේ කිසිවකට එක් නොවී පැත්තකට වී බලා සිටි වරුන්ගේ පෙම්වතිය නටාෂාට ඒ නැටිල්ල ඇල්ලුවේ නැහැ.

ඇය එතෙක් හිඳගෙන සිටි අසුනෙන් නැගිට විදුලි වේගයෙන් ගියේ තම පෙම්වතා සමඟ නැටු අර වියපත් කාන්තාව වෙතයි. ඇය වෙතට ගොස් ඇගේ අතකින් ඇද පැත්තකට කළ නටාෂා දිගට හරහට බනින්න පටන් ගත්තා. මේ කෑ ගැසීමෙන් සෙසු පිරිසගේ නැටුම් ද මොහොතකින් නැවතුණා. ඉන් පසුව වරුන්ගේ අතකින් ඇදගෙන වෙනත් පැත්තකට ගිය නටාෂා, ඔහුටත් දැඩි ලෙස දොස් කියන්නට පටන් ගත්තා.

තවත් විනාඩි කිහිපයක් ගත වෙද්දී ඔවුන් දෙදෙනා අතර පුංචි දබරයකුත් ඇතිවුණේ සියල්ලන්ම බලා සිටිද්දීයි. හැමෝම තමන් දෙදෙනා දෙස විස්මයෙන් යුතුව බලා සිටින බව වරුන්ට සහ නටාෂාට දැනුණේ තවත් විනාඩියක් දෙකක් ගතවෙද්දීයි. දෙදෙනා පියවි සිහිය ලැබුවාට පසුව ඉක්මනින්ම මංගල උත්සවයෙන් පිටවී ගියා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »