Home / බොලිවුඩ් ගොසිප් / කට්රිනා පසුපස පැපරාසීන්

කට්රිනා පසුපස පැපරාසීන්

2016-03-23 10:27:00       672
feature-top
රන්බීර් කපූර් සහ කට්රිනා කායිෆ්, සැබෑ ජීවිතයේ පෙම්වතුන් ලෙස ගතකළ කාලයේදී පදිංචිව සිටියේ බන්ද්‍රා ප්‍රදේශයේ තට්ටු නිවාසයකයි.

රන්බීර් - කට්රිනා වෙන්වීමෙන් පසුව රන්බීර් නැවත පදිංචියට ගියේ තම දෙමවුපියන් වෙසෙන ක්‍රිෂ්ණ රාජ් බංගලාවටයි. කට්රිනා පමණක් තට්ටු නිවාසයෙහි තනි වුණා. දැන් ඇය වෙනත් නිවසක් සොයමින් සිටිනවා.

මෙතෙක් රන්බීර් සමඟ පදිංචිව සිටි තට්ටු නිවාසයේ නාන කාමරය, ජල කරාම මෙන්ම අනෙකුත් පහසුකම් අබලන් වී තිබීම නිසයි, කට්රිනා අලුත් තැනක් සොයන්නේ. සති කිහිපයක්ම සුදුසු නිවාසයක් සෙව්වත් ඇයට ගැළපෙන තැනක් මෙතෙක් ලැබී නැහැ. ඉතින්, කට්රිනා මේ දිනවල කාලය ගත කරන්නේ තරමක කනස්සල්ලකින්.

ඇගේ මේ හිත් අමාරුව කෝපයක් බවට පෙරළී ගිය අවස්ථාවක් පසුගිය දා කාටත් දැකගත හැකි වුණා. ඒ, ඇය නිවෙසක් සොයමින් ගමන් කරන අතරතුරදීයි. තම මෝටර් රථයේ නැඟී මඳ දුරක් ධාවනය කළ කට්රිනා එක්තරා ස්ථානයක නැවැත්තුවේ ඒ අසල නිවෙසක් ඇති බවට ලද ආරංචියක් අනුවයි. මෝටර් රථයේ දොර විවර කර එයින් බසින්නට යද්දී දුටු දර්ශනයෙන් ඇය තිගැස්සුණා. එතැන රැඳී සිටියේ ඇය වෙත කැමරා එල්ල කරගෙන සිටින පුද්ගලයන් කිහිප දෙනෙක්.

ඔවුන් දුටු හැටියේම කට්රිනා ඉක්මනින්ම රියෙන් බැස ඔවුන් වෙත දිව ගියා. ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ ඇය පැවසුවේ තමන් පසුපස තවදුරටත් පැමිණියහොත් වහාම පොලීසියට පැමිණිලි කරන බවයි. ඇගේ ඒ ගෝරනාඩුවට පසුබැස්ස පැපරාසීන් පිරිස වහාම එතැනින් නික්ම ගියා. මේ අතර බොලිවුඩයේ තැන් තැන්වල කෙරෙන කසුකුසුවලින් කියැවෙන්නේ කට්රිනාට සුදුසු නිවෙසක් සොයා දීමට ඇගේ හිටපු පෙම්වතා වන සල්මන් උනන්දු වන බවයි.

curtesy : sithmalyaya.com




More News »