Home / බොලිවුඩ් ගොසිප් / හොලිවුඩයද - බොලිවුඩයද ආලියා පටලැවිල්ලක

හොලිවුඩයද - බොලිවුඩයද ආලියා පටලැවිල්ලක

2016-03-17 11:07:00       676
feature-top
ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් වැනි බොලිවුඩ් නිළියන් දැන් හොලිවුඩයේත් කටයුතු කරමින් හොලිවුඩය තුළත් තමන්ටම අනන්‍යතාවයක් ගොඩනඟා ගනිමින් සිටින්නේ. ඔන්න ආලියා භාත්ටත් හොලිවුඩ් යන්න ඕනි වෙලා. තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ආලියා බොහොම ක්‍රමානුකූලව මේ ගමන යන්න සූදානම්.

මට මේ වනවිට ලැබිලා තියෙන චරිතවලින් මට කැමැති වෙන්න පුළුවන් චරිතයක් නැහැ. මට හොලිවුඩ් යන්න ඕනිකමක් තිබුණත් මේ වෙලාවේ බොලිවුඩ් සිනමාවේ මගේ රංගනය ගැන අවධානය යොමු කිරීමයි වඩා වැදගත් වෙන්නේ. මොකද බොලිවුඩය තුළ මම මගේම සළකුණක් සටහන් කළ යුතුයි. ඊට පසුව හොලිවුඩ් ගමන ආරම්භ කරන්න මම සූදානම් ආලියා පවසනවා.

රංගනය පිළිබඳ පොඩි තිගැස්මකුත් තිබිය යුතු බව ඇයගේ අදහසයි. ඒ වගේම හැම අවස්ථාවකදීම තමන් හොඳින් අගයන අයට වඩා වැරදි පෙන්වන අය ළඟින් සිටිමත් රංගන ගමනේ සාර්ථකත්වය පෙන්වන බව ආලියා පවසවා.

චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන මහේෂ් භාත්ගේ දියණියක වන ආලියා සිය රංගන ගමන ආරම්භ කළේ කරන් ජොහාර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙන්. හයිවේ, 2 ස්ටේට් වැනි චිත්‍රපටවලට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »