Home / බොලිවුඩ් ගොසිප් / ජූඩි ලෝ ගෙන් 'බෙරිහන් දුන්' සාදයක්

ජූඩි ලෝ ගෙන් 'බෙරිහන් දුන්' සාදයක්

2016-03-17 09:33:00       676
feature-top
සැණකෙළි ශෛලියේ සාදයක් නිසා හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන ජූඩ් ලෝ නොසෑහෙන්න බැණුම් ඇසූ පුවතක් පසුගිය දා පතළ වුණා. මේ අරුම පුදුම සාදය පැවැත්වුණේ ලන්ඩනයේ පිහිටි ඔහුගේ සුපිරි නිවෙස වන හයිගේට් මැන්ෂන් හිදියි. සැන්දෑවේ ඇරැඹුණු මේ සාදය නිමාවට පත්වී ඇත්තේ මැදියම් රැයත් පසුවෙලා. ඒ කාලය තුළ ජූඩ්ගේ නිවසින් ඇසුණේ බෙරිහන් දෙන සංගීතයක් යැයි ද ඒ නිසා අසල්වාසීන්ට හරිහැටි නින්දක් නොලැබුණේ යැයි ද ආරංචි පැතිරී ගියා.

ජූඩ්ගේ නි‍ෙවසට යාබද නි‍ෙවසක වෙසෙන කැරලින් මිචෙල් නම්වූ කාන්තාවගේ මේ ප්‍රකාශයෙන් සාදයේ තරම තේරුම් ගැනීම අපහසු නැහැ.... ඒ පාටි එකෙන් ඇහුණෙ මිනිස්සු බය කරන සද්ද. මට එදා පාන්දර 3 වෙනතුරු නින්ද ගියේ නැහැ. ඒක හරියට අල්ලපු ගෙදර කානිවල් එකක් තිබුණා වගේ සද්දයක්. පාටි එකේ දාල තිබුණෙ ශබ්දය ඕනැවටත් වැඩිය පිටවුණු සවුන්ඩ් සිස්ටම් එකක්.

නම හෙළි කිරීමට අකැමැති වූ අයකු ප්‍රකාශ කළේ වසර ගණනක සිට මේ පළාතේ පදිංචිව සිටින තමන්ට මෙවැනි අමිහිරි අත්දැකීමක් ලැබුණේ පළමු වතාවට බවයි. එදා අපේ පවුලේ කිසිම කෙනෙක් නිදා ගත්තෙ නැහැ ඔහු පැවසුවා.

මේ අසල්වාසීන් සියලුම දෙනාගේ දැනුම් දීමෙන් පසුව එතැනට පැමිණි ශබ්ද දූෂණ වැළැක්වීමේ නිලධාරීන් එම බෙරිහන් දුන් සාදයේ සැර බාල කළ බවයි ආරංචි වුණේ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »