Home / බොලිවුඩ් ගොසිප් /  සන්ජේ දත් හිරගෙදර දී ගුවන් විදුලි නිවේදනයට

 සන්ජේ දත් හිරගෙදර දී ගුවන් විදුලි නිවේදනයට

2016-03-16 10:13:00       695
feature-top
සුපිරි නළුවකු වුණත් සන්ජේ දත් සිරගත වී සිටිද්දී කාලය ගත කළේ තවත් සාමාන්‍ය සිරකරුවකු ලෙසයි. නමුත්, ඔහු පොත පත කියවමින්, අධ්‍යාත්මික නැඹුරුවකින් යුතුව යහපත් කල්ක්‍රියාවෙන් යුතුව රැඳී සිටියා. ඒ නිසයි, වසර 5ක් වූ ඔහුගේ සිර දඬුවම ඊට කලින් ඉවත් වී පසුගිය දා ඔහුට නිදහස් වීමට වරම් ලැබුණේ.

සන්ජේ සිරගත වී සිටි යෙර්වාදා බන්ධනාගාරය තුළ ඔහුට ලැබුණේ අඩි 3 x 10 ප්‍රමාණයේ සිර කුටියක්. ඔහු හැඳ සිටියේ සිරකරුවන්ට හිමි වන සුදු ජම්පරයයි. සිර කුටියට යාබද වර්ග අඩි 100 ක මිදුලක් පිහිටා තිබුණා. ඔහු රැඳී සිටියේ අධි ආරක්ෂිත කලාපයකයි. මේ කලාපය තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ සිර කුටි ද පිහිටා තිබුණා.

සන්ජේ දිනපතාම අවදි වූයේ උදෑසන 6 ට පමණ ඉන් පසුව ස්නාන කරන ඔහුට උදේ ආහාරය ගැනීමට ඉඩ ලැබෙනවා. සන්ජේට පැරැණි පත්තර පිටු තොගයක්ම ලැබෙන්නේ විනාඩි කිහිපයක් ගතවීමෙන් පසුවයි. ඒ, කඩදාසි බෑග් සෑදීමටයි. බෑග් 100ක් නිම කළහොත් ඔහුට රු. 45ක් ලැබෙනවා. මධ්‍යාහනයට පෙර ඒ කටයුත්ත නිම කරන සන්ජේව, ඉන් පසුව රැගෙන යන්නේ බන්ධනාගාරයෙහි තිබෙන ගුවන් විදුලි මැදිරිය වෙතටයි. රේඩියෝ YP යනුවෙන් නම් කර ඇති එම ගුවන් විදුලි සේවාව සිරකරුවන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නක්. මේ ගුවන් විදුලිය ඔස්සේ සන්ජේ ඉදිරිපත් කරන වැඩ සටහන් සිර කරුවන් අතර ජනප්‍රිය වූ බවයි, බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. මේ වැඩසටහනේ පිටපත ලිව්වේත් සන්ජේමයි. එයා නිතරම ඒ වැඩසටහන්වලදී කිව්වේ සිර ගෙදරින් නිදහස් වෙලා ගියාට පස්සෙ සිරගත ජීවිත ගත කළ අය කොහොමද නැවත ජීවිතය පටන් ගන්නෙ කියන කාරණය ගැනයි. මේ වැඩ සටහන්වලදී සන්ජේ එයා රඟපෑ මුන්නා භායි චිත්‍රපට මාලාවේ ඇතුළත් වුණු සමහර දෙබස් පවා කිව්වා. ඒ වගේම ලස්සන ගීතත් වාදනය කළා. මේවා අනෙක් සිරකරුවෝ හරිම ආසාවෙන් ඇහුවා යැයි බන්ධනාගාර නිලධාරියකු පැවසුවා.

දහවල් 2.00 ට දිවා ආහාරය ගන්නා සන්ජේ, නැවතත් පැයකට පසුව ගුවන් විදුලි වැඩ සටහන පටන් ගන්නවා. ඔහු රාත්‍රී ආහාරය ගත යුතු වූයේ පස්වරු 5.30 ටයි. සවස 6.00 ට සිර කුටියට යන සන්ජේව නැවතත් පිටතට පැමිණිය හැකි වූයේ පසුදා උදෑසනයි.

බන්ධනාගාර නිලධාරීන් පැවැසූවේ සිර ගෙදරදී ඔහු තරම් බන්ධනාගාර පුස්තකාලයෙන් පොත් ලබාගෙන කියවූ වෙනත් සිරකරුවෙකු නොසිටි බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks
Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »