Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩ් නිලියන්ගේ පැවැත්ම අඩුයි
- ප්‍රීති සින්ටා

බොලිවුඩ් නිලියන්ගේ පැවැත්ම අඩුයි
- ප්‍රීති සින්ටා

2016-03-15 11:12:00       695
feature-top
මේ දවස්‌වල නිහඬ වෙලා හිටියට කාලයක්‌ බොලිවුඩ්වල පුවත් මවපු චරිතයක්‌ තමයි ප්‍රීති සින්ටා කියන්නේ. කෙළි ළොල් දඟකාර සිනහව, වළ ගැහෙන කම්මුල්, නිල් පාට ඇස්‌ වලට වශී නොවුණු කෙනෙක්‌ නැති තරම්. ඒ දවස්‌වල සිහින විකුණන සිහින වෙළෙන්දන්ගේ සිනමාපටවලට නැතිවම බැරි චරිතයක්‌ වුණු ප්‍රීති මේ දවස්‌වල වැඩි සද්දයක්‌ නැත්තෙ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්නයක්‌. දිල්සේ, කල් හෝ නා හෝ, වීර් සාරා, කබි අල් විදා නා කෙහෙනා, කොයි මිල් ගයා වගේ චිත්‍රපටවල අමතක නොවන රංගනයක නියෑළුණු ප්‍රීතිට ගොඩක්‌ අය ආදරේ කරා වගේම ආදරේ කරනව. රංගනයට වගේම ක්‍රිකට්‌වලටත් ආදරය කරන ප්‍රීති පහුගිය දවස්‌වල වැඩිපුරම දකින්න ලැබුණෙ ක්‍රිකට්‌ තරග පැවැත්වෙන තැන්වල. පිරිසිදුකම ගොඩක්‌ ඉහළින් අගය කරන මෙයාටත් කරන්ගෙන් ආරාධනාවක්‌ ලැබිල තිබුණ කෝපි කෝප්පයක්‌ බොන්න. අපි බලමු මෙයාල දෙන්න මොනවද කතා කළේ කියල..

මේ තරම් සතුටින් ඉන්න හේතුව මොකක්‌ ද ප්‍රීති...

ඔව් ඇත්තටම මම ගොඩක්‌ සතුටින් තමයි ඉන්නෙ. මේ වෙනකොට මම ජීවිතේ ගොඩක්‌ දේවල් ලබාගෙන තිබෙනවා. ඉතින් ඇයි මම දුක්‌ වෙන්නෙ. හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්නව තරම් සතුටක්‌ තවත් නැහැ. මට දැන් ලොකු නිදහසක්‌ දැනෙනවා.

දැන් ඔයාගෙ කාලෙ ඉවරයි කියල හිතෙන්නෙ නැතිද...?

ඒක සාමාන්‍ය දෙයක්‌. බොලිවුඩ්වල නිළියකගේ පැවැත්ම තියෙන්නෙ බොහොම ටික කාලයයි. ඒක මම අවබෝධ කරගෙන ඉන්නෙ. මට ඉල්ලුම තියෙන කාලෙ මම උපරිම වැඩ කළා. දැන් මම වැඩිය වැඩ නොකළත් රසික ආදරය එදා වගේමයි.

පහුගිය කාලෙ නේස්‌ගෙන් ගොඩක්‌ ප්‍රශ්න ඇතිවුනා කියන්නෙ ඇත්තද...?

ඒ දේවල් ගැන මම කතා කරන්න කැමති නැහැ. ඒ හැම දෙයක්‌ම අතීතයට එකතුවෙලා ඉවරයි. මම දැන් අලුත් විදිහට ජීවිතේ දිහා බලන්නෙ. ඒ නිසා වැඩකට නැති මිනිස්‌සුන්ට මගේ ජීවිතේ කොහෙත්ම ඉඩක්‌ නැහැ.

ඔබට අභියෝගයක්‌ වෙන නිළියක්‌ ඉන්නව ද...?

හැමෝම අභියෝගයක්‌ තමයි. ඒ වුණත් මට කා එක්‌කවත් තරගයක්‌ නැහැ. මම යන්නෙ මගේම ගමනක්‌. ප්‍රශ්න ඇති කරන්නෙ අපි දිහා බලන් ඉන්න අයයි. හැබැයි සමහර අයට නම් මාව අභියෝගයක්‌ වෙන්න ඇති.

හොලිවුඩ් වලට යන්න ආසාවක්‌ නැතිද...?

ඒ වගේ විශේෂ ආසාවක්‌ නැහැ. ආරාධනාවක්‌ ලැබුණොත් සලකා බලන්න පුළුවන්. අනිත් එක ඉන්දියාවෙ නිළියක්‌ට ඒ වගේ අවස්‌ථාවක්‌ ලැබෙන්නෙ කලාතුරකින්. මට එහෙම අවස්‌ථාවක්‌ ලැබුණොත් අතාරින එකක්‌ නැහැ.

විවාහ වුණහම ක්‍ෂේaත්‍රයෙන් ඈත් වෙයිද...?

සමහරවිට එහෙම වෙයි. මම කැමති නැහැ කාර්යබහුල චරිතයක්‌ වෙන්න. දරුවො හදාගෙන සතුටින් ඉන්න තමයි මම ගොඩක්‌ කැමති. රංගනයෙන් ඈත් වුණත් කලාවෙන් ඈත්වෙන්න හිතක්‌ නැහැ මට.

ශාරුක්‌, සල්මන්, ආක්‌ෂය අතරින් වඩාත් කැමති කාටද...?

සල්මන් ඛාන්ට තමයි මම වැඩිපුරම කැමති. ශාරුක්‌ සහ ආක්‍ෂය කියන්නෙත් මගේ හොඳ යාළුවො තමයි. හැබැයි සල්මන් විශේෂයි.

කවදහරි දවසක නපුරු නැන්දම්ම කෙනෙක්‌ ලැබුණොත්...

ඔයා හිතුවද මම එයාට බයවෙයි කියල. කවදාවත් නැහැ. මම ස්‌වාධීන කාන්තාවක්‌. ඕනිම නපුරු නැන්දම්ම කෙනෙක්‌ගෙ ගණන් බස්‌සන විදිහ මම හොඳට දන්නව.

ඔබට ඇමරිකාවෙ ජනාධිපති වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්...

හහ්..හහ්.. ඒක මාරයිනෙ. එහෙම උනොත් මම හොලිවුඩ් බොලිවුඩ් දෙකම එකක්‌ කරනවා. ඒක මාර නිර්මාණයක්‌ වෙයි.

පිරිමියෙක්‌ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොනවද..?

මුලින්ම එයා පිරිසිදු කෙනෙක්‌ වෙන්න ඕනි. එහෙම නැතිනම් මම එයා ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ වගේම කාන්තාවන්ට ගරු කරන කෙනෙක්‌ වෙන්න ඕනි..

ටොම් කෲස්‌ ඔයාට රෑ කෑමකට ආරාධනා කළොත්...

ඒක අමුතු දෙයක්‌ නෙවෙයිනෙ. ආරාධනාවක්‌ ලැබුණොත් මම සතුටින් භාරගන්නව. මොකද මම එයාට පෞද්ගලිකවම කැමතියි. හැබැයි ඒක රෑ කෑමකට විතරක්‌ සීමා විය යුතුයි..

ඔබ කැමතිම ගායකයා කවුද...?

මම කැමති ගොඩක්‌ ගායකයින් ඉන්නව. ඒ අය අතුරින් ජස්‌ටින් බීබර් තමයි මගේ හිතට තදින්ම වැදුණු කෙනා. එයාගේ සජීවී ප්‍රසංගයක්‌ නරඹන්න මම ගොඩක්‌ ආසාවෙන් ඉන්නෙ.

දරුවො කී දෙනෙක්‌ හදන්න බලාපොරොත්තු වෙනවද...?

ඒකට ඉතින් කසාද බඳින්න එපැයි.. එහෙම නැතිනම් මම දැනටමත් ළමයි හදල. මම දරුවන්ට ගොඩක්‌ ආදරෙයි. සමහරවිට හතරදෙනෙක්‌වත් හදාවි..

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »