Home / බොලිවුඩ් ගොසිප් /  කට්රිනා වෙළෙඳ දැන්වීම්වලින් හැලෙයි?

 කට්රිනා වෙළෙඳ දැන්වීම්වලින් හැලෙයි?

2016-03-14 11:46:00       683
feature-top
කෙනකුට විශ්වාස කළ නොහැකි, ඇස් අදහා ගන්නට බැරි රූප සොබාවක් යොවුන් නිළි කට්රිනා කායිෆ් සතු බවයි ඉන්දීය මාධ්‍යවේදීන් පවසන්නේ ඒ බව කට්රිනාගේ රැඟුම් අගය කරන කවුරුත් දන්නා සත්‍යයක්. ඒ සුන්දරත්වයත් රංගන කුසලතාවත් නිසා ඇයට අද බොලිවුඩ් සිනමාවේ වැජඹෙන්නට වරම් ලැබී තිබෙනවා.

කට්රිනා වෙළෙඳ දැන්වීම් නිරූපණ කලාවෙන් ද ඉදිරියට පැමිණ සිටිනවා. ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් තමන්ගේ නිෂ්පාදන ප්‍රචලිත කරන්නට නිර්මාණ කෙරෙන විවිධ වෙළෙඳ දැන්වීම් නිරූපණයන්ට යොදා ගන්නට වෑයම් කරන්නේත් කට්රිනාවමයි. ඒ සමඟම මෑතක දී රන්බීර් කපූර් ද ඇය සමඟ වෙළෙඳ දැන්වීම්වලට එක්කර ගන්නට බොහෝ සමාගම් තරගයක යෙදී සිටියා. කට්රිනා සහ රන්බීර් සැබෑ ලෝකයේ පෙම්වතුන් වී සිටීම එයට හේතුවයි.

මෑතකදී එක්තරා ප්‍රබල සමාගමක් තමන් නිෂ්පාදනය කරනු ලබන ෂැම්පු වර්ගයක් වෙනුවෙන් අලුත් රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරන්නට සූදානම් වූවා. (මේ වෙනුවෙන් කලින් පෙනී සිටියේ සායිෆ් සහ කරීනා යුවළයි.) සියලුම කටයුතු සූදානම් කර ගිවිසුම් අත්සන් කරන්නට යද්දී ආරංචි පැතිරී ගියේ රන්බීර් - කට්රිනාගේ සැබෑ පෙම් කතාව නිම වූ බවක්. ඔවුන් දෙදෙනා ඒ වන විට ජග්ගා ජාසූස් චිත්‍රපටයේ රඟපා අවසන් කළා පමණයි. ඉන් පසුව දෙදෙනා අතර කිසිදු කතාබහක් සිදුවුණේ නැහැ.

රන්බීර් - කට්රිනා දෙපසට වීමත් සමඟම ෂැම්පු වෙළෙඳ දැන්වීම නිර්මාණය කරන්නට බලාපොරොත්තු වූ සමාගම එම අදහස අත්හැර දැමුවා. ඒ දැන්වීමට කට්රිනාව පමණක් යොදා ගැනීමටත් ඔවුන් තුළ කැමැත්තක් තිබුණේ නැහැ. තතු දන්නා අය පවසන්නේ මේ වෙළෙඳ දැන්වීම නිර්මාණය වූවා නම් එමඟින් කට්රිනාටත් රන්බීර්ටත් විශාල මුදලක් ලැබෙන්නට නියමිතව තිබූ බවයි. මේ සිද්ධියත් සමඟම කට්රිනා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කලාව තුළ අත්කරගෙන සිටි ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවයි පැවසෙන්


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »