Home / බොලිවුඩ් ගොසිප් / අපහාස කර  සමාව ගනී

අපහාස කර  සමාව ගනී

2016-03-08 12:46:00       675
feature-top
සමාජයෙන් ගෞරවය ලැබිය යුතු කාන්තාවන්ට ගැරහීම කිසිවකු අනුමත කරන්නේ නැහැ. පසුගිය දා බොලිවුඩ්පුරයේ ජනප්‍රිය යොවුන් නිළියකට අවමන් කරන්නට ගිය එක්තරා පුද්ගලයකු බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට ලක්වුණා. ඔහු එයින්ම හොඳ පාඩමක් ඉගෙන ගත්තා.

මේ තැනැත්තා අපහාස කළේ ජනප්‍රිය නිළි සොනාක්ෂි සිංහටයි. ඇගේ ට්විටර් පිටුවට අනවශ්‍ය ප්‍රශ්නයක් යොමු කිරීමෙන් තමයි, මේ ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවුණේ සොනාක්ෂි විසින් තම ට්විටර් පිටුව ඔස්සේ සතිපතා ක්‍රියාත්මක කරන ප්‍රශ්න සහ පිළිතුරු සටහන් කෙරෙන වැඩ සටහනට එක්වූ රසිකයකු යැයි හඳුන්වා ගත් පුද්ගලයකු මෙවැනි ප්‍රශ්නයක් නඟා තිබුණා...

කවදාද ඔබ අපිට ඔබේ සිරුර පෙන්වන්නෙ? කවදාද ඔබ බිකිනියක් අඳින්නෙ? මේ ප්‍රශ්නය දුටු සොනාක්ෂිගේ කෝපය ඉහවහා ගියා. ඇය ඔහුට වහාම ප්‍රතිචාර දැක්වූයේ මේ අයුරින්... ඔය ප්‍රශ්නය ඔබේම අම්මාගෙන්, සොහොයුරියගෙන් අහන්න. ඒ අය දෙන උත්තරය පස්සෙ මට කියන්න‍. මේ ගැටුම එක රැයකින්ම සමාජ වෙබ් අඩවිවල උණුසුම් මාතෘකාවක් බවට පත්වුණා. තවත් අයකු සොනාක්ෂිගේ උත්තරයට ප්‍රතිචාර දැක්වූයේ ඇයට අපහාස කරමින්. ටිකෙන් ටික මේ ට්විටර් හබය උණුසුම් වී අශ්ලීල තත්ත්වයකට පත්වුණා.

ඒ මොහොතේ සොනාක්ෂිගේ සහායට එක්වුණේ ජනප්‍රිය නළු, වරුන් ධාවන්. ඔහු සොනාක්ෂිව දිරිමත් කරමින් නොයෙකුත් දේ සටහන් කළා. ට්විටර් සංවාදය තව තවත් උණුසුම් වෙද්දී සොනාක්ෂිට අපහාස කළ පුද්ගලයා ඇගෙන් සමාව අයැද සිටියා. ඉන් පසුව තම ට්විටර් පිටුවෙහි සටහන් වූ මේ කලකෝලාහලයට අදාළ සටහන් සියල්ලම සොනාක්ෂි විසින් මකා දමනු ලැබුවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »