Home / බොලිවුඩ් ගොසිප් / රිතික් වීඩියෝ ගේම්වලට

රිතික් වීඩියෝ ගේම්වලට

2016-03-05 09:52:00       673
feature-top
ක්‍රීෂ් චිත්‍රපට මාලාවේ සහ ජෝදා අක්බාර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරමින් සිනමා රසික පිරිසට වඩාත් සමීප වූ රිතික් රෝෂන් වීඩියෝ ක්‍රීඩා ලොවටත් එක්වෙලා. මේ වීඩියෝ ක්‍රීඩාවලට රිතික් මැවූ විවිධ ත්‍රාසජනක චරිත එක්කරන්නටයි නසාරා ගේම්ස් සමාගම තීරණය කර ඇත්තේ. ඉදිරි වර්ෂ කිහිපය තුළදී රිතික්ගේ සිනමා චරිත බොහොමයක්ම මේවාට ඇතුළත් වන බවයි එම සමාගම ප්‍රකාශ කරන්නේ.

අද යොවුන් පරපුර අතර වීඩියෝ ක්‍රීඩාව ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා. ඒ නිසා මගේ ආදරණීය රසිකයන් වෙතට මගේ විවිධ චරිත වීඩියෝ ක්‍රීඩා ඔස්සේ සමීප කරන මේ කටයුත්තට මම එක්වුණා. මගේ දරුවන් පවා මේ ක්‍රීඩාවලට හරිම කැමැතියි. ඉතින් මම හිතනවා මගේ රසික පිරිසත් මේ ක්‍රීඩාවට කැමැති වේවි ය කියලා. රිතික් රෝෂන් මෙලෙස පැවසුවේ මේ කටයුත්තට අදාළව නසාරා ගේම්ස් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කළ මොහොතේදීයි.

රිතික් අපේ සමාගමේ කාර්යයකට සම්බන්ධ වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. රිතික්ගේ රඟපෑම් වෙන කිසිම කෙනකුට සමාන කරන්න බැහැ. ඒ චරිතවලින් පෙන්නාපු දිරිමත් බව, ශක්තිමත් බව හැමෝටම ආදර්ශයක්. රිතික්ගේ පැමිණීම අගය කරමින් එලෙස කතා කළේ නසාරා ගේම්ස් ප්‍රධාන විධායක මනිෂ් අගර්වාල්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »