Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයේ වැඩිපුර මුදල් අය කරන රූපවාහිනි නිළිය....

බොලිවුඩයේ වැඩිපුර මුදල් අය කරන රූපවාහිනි නිළිය....

2016-03-02 10:32:00       675
feature-top
රවීනා තන්ඩන් කිව්වම මතක් වෙන්නේ 1994 දී රිලීස් වුණු "මොහ්රා" ෆිල්ම් එක. මොහ්රා නිසා රවීනා ගොඩක් ප්‍රසිද්ධ වුණා. නමුත් විවාහයෙන් පස්සේ රවීනා ගැන ආරංචියක් තිබුණේ නැහැ. ඒකට හේතුව විවාහයත් එක්ක ඇය සිනමාවෙන් සමු ගැනීමයි. නමුත් රවීනා විවාහයෙන් පස්සේ වැඩිපුර ටීවී එකේ නම් පේන්න හිටියා. ඒ චාට් ෂෝවල. ඒ වගේම සමහර රියැලිටි ෂෝවල විනිසුරුවරියක් විදියටත් ඇය නමක් දිනා ගෙන තිබුණා.

"ඉචඩඪඡ ඕඪඹඪ ට්භතචථ, ඛ්ඩඩධබඥ ර්ඪරචද, ඛ්ධථඥඤර ඬච ර්චඩච ර්භඳචඡචතච, ඉඪථනතර ඕචචබඪඥද එඪබඩ අචමඥඥදච" වගේ වැඩසටහන් නිසා සිනමාවේ ඉන්නවාට වඩා ඇය රූපවාහිනි ප්‍රේක්‍ෂක පිරිස අතර ජනප්‍රිය වුණා. මේ වෙද්දී ඇය විනිශ්චය කරලා තියෙන රියැලිටි ෂෝ ගණන විස්සක් විතර වෙනවා. ඒ හැම රියැලිටි ෂෝ එකකම සංවිධායකයන්ගෙන් ඇය අධික මුදලක් ලබා ගත්තා කියලත් පසුගිය කාලේ කතා බහක් පවා තිබුණා. 2012 දී එක් රියැලිටි වැඩසටහනක ඇය සහ ගෝවින්ද විනිසුරුවන් ලෙස කටයුතු කළා. ඒකෙත් රවීනා අය කළ මුදල ගෝවින්ද මෙන් දෙගුණයක් කියලා ඉන්දියානු ඕපදූප මාධ්‍ය කියා තිබුණා. නමුත් මේ එකක්වත් ඇය ප්‍රතික්ෂේප කළේ නැහැ.
මේ අතරේ තමයි ඇය 2016 මාර්තුවල විකාශය කරන්න නියමිත ඉඩඪදඥ ධට ධ්දඤඪච රියැලිටි වැඩසටහනේ විනිසුරුවරිය බවට පත් වෙලා තියෙන්නේ. මේ වැඩසටහනේ එක එපිසෝඩ් එකක් වෙනුවෙන් ඇය සංවිධායකයන්ගෙන් ඉල්ලා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1.25ක්. අපේ සල්ලිවල හැටියට කෝටි 4ක් විතර. මේ විදියෙ එපිසෝඩ් 6ක් ඉඩඪදඥ ධට ධ්දඤඪච රියැලිටි වැඩසටහනේ තියෙනවා. ඉතිං දෙපාරක් හිතන්නේ නැතිව සංවිධායකයන් ඒ මුදල ගෙවන්න කැමැති වෙලා. මේ නිසා මේ වෙද්දී ටී.වී. එකට එන්න වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් නිළිය බවට රවීනා තන්ඩන් පත් වෙලා තියෙනවා. මේ ගැන කරපු ඉන්ටවීව් එකකදි මාධ්‍යවේදියෙක් ඇගෙන් මෙහෙම අහලා. "ඔබට ෆිල්ම්වලට ආරාධනා ලැබෙන්නේ නැති නිසාද රියැලිටි ෂෝවලට මෙච්චර ගාණක් අය කරන්නේ." එතකොට ඇය උත්තර දීලා "මගේ ගාණ වැඩි නම් ඇයි සංවිධායකයන් මගේ පස්සෙන්ම එන්නේ? වෙන කාව හරි සොයා ගන්න තිබුණානෙ" කියලයි. කොහොම වුණත් මේ වෙද්දී වයස අවුරුදු 47ක් වන රවීනා මේ විදියේ වාර්තාවක් තියපු එක ගැන බොලිවුඩ් නිළියන් පවා මවිතයට පත් වෙලා කියලා තමයි ආරංචි වෙන්නෙ.



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »