Home / බොලිවුඩ් ගොසිප් / මල්ලිකාට ඔබාමා යළි මුණ ගැසෙයි

මල්ලිකාට ඔබාමා යළි මුණ ගැසෙයි

2016-03-01 11:34:00       674
feature-top
ලොව බලවත්ම රටේ ජනාධිපතිවරයා හමුවී කතාබහ කරන්නට ය‍ෙමකුට හැකි වූවොත් එය සුළුපටු සිදුවීමක් නොවෙයි. එවැනි විරල අවස්ථාවක් උදාකරගන්නට හැකි වූ බොලිවුඩ් රංගන ශිල්පිනියක් සිටිනවා. ඇය තමයි, මල්ලිකා ෂෙරවට්. ලොව බලගතු රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා ඇයට මුණ ගැසුණේ පසුගිය දා ඇය එරටෙහි සංචාරය කළ අවස්ථාවකදීයි.

මීට කලින් මල්ලිකා ෂෙරවට් හට ඇමෙරිකානු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ 2011 දීයි. එම හමුවීම තම ජීවිතයේ අමතක නොවන සිදුවීමක් යැයි මල්ලිකා ප්‍රකාශ කර තිබුණා. එහිදී ඉන්දියාවට පැමිණෙන ලෙස බැරැක් ඔබාමා හට තමන් ඇරයුම් කළැයි ද මේ සුපිරි බොලිවුඩ් තරුව කියා තිබුණා. නමුත්, ඇගේ ඇරයුම ඔබාමා පිළිගත්තාදැයි හෙළි වුණේ නැහැ.

ඔබාමා වැනි ප්‍රතාපවත් නායකයකු හමුවීමට ඉඩ ලැබීම වාසනාවක්. එය සාඩම්බර අවස්ථාවක්. පසුගිය දා නැවත ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ඇය ඒ අයුරින් ට්විටර් පිටුවේ සටහනක් තැබුවා. මේ අවස්ථාවේදී ඇය, ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි බව තහවුරු කරමින් එය ද ප්‍රසිද්ධ කර තිබුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »