Home / බොලිවුඩ් ගොසිප් / මදැයි සිගරැට් බිව්වා!

මදැයි සිගරැට් බිව්වා!

2016-02-29 11:49:00       676
feature-top
චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කරද්දී තමන් අකැමැති රංගනයන් නිරූපණය කරන්න නළු නිළියන්ට සිදු වෙනවා. බොලිවුඩ් තිරයට මෑතකදී එක්වූ සුරූපී නිළි රිචා චඩ්ගාටත් සිදුවුණේ එවැනි අකැමැති රැඟුමක් රඟන්නයි. පසුගිය දිනවල රූගත කිරීම් සිදුවූ කැබරේ නම්වූ චිත්‍රපටයේ එන එක්තරා ජවනිකාවක සිගරැට්ටුවක් උරමින් රඟපාන්නට රිචාට සිදු වුණා. අධ්‍යක්ෂ කෞස්ටච් නාරායන්ගේ උපදෙස් අනුව ඇය ඒ දර්ශනයේ රඟපාන්න ලෑස්ති වුණා.

අධ්‍යක්ෂවරයාගේ විධානය අනුව දුම්වැටිය අතට ගත් ඇය, එය උරමින් රඟපෑවා. ඒත් දුම්වැටියක් කිසිදා මුවට ළං නොකළ රිචාට ඒ රංගනය නිසි අයුරු නිරූපණය කළ නොහැකි වුණා. ඒ නිසා ඇය නැවතත් රූගත කරන්නට පටන් ගත්තා. රිචාට තවත් අලුත් දුම්වැටියක් ලැබුණා. ඇය එය පත්තු කර මුවෙහි රුවාගෙන පුරුදුකාරියක ලෙස උගුරු කිහිපයක් ඇද්දා. ඇයට කැස්සක් මතු වුණා. ඒ නිසා දර්ශනය මඳකට අත්හිටුවා ටික වේලාවකින් නැවතත් ඇරැඹුණා. තුන්වැනි වතාවේදීත් රඟපෑම හරිහැටි සිදුවුණේ නැහැ.

මේ නිසා කිහිප වතාවක්ම එම දර්ශනය රූගත කළත් අධ්‍යක්ෂවරයා සෑහීමකට පත්වුණේ නැහැ. පැය කිහිපයක් ගත වෙද්දී දුම්පානය නිසා රිචා සිටියේ මඳ අපහසු ගතියකින්. ඒ හේතුවෙන් එදින රූගත කිරීම් නවතා දැමූ අධ්‍යක්ෂවරයා එම කටයුතු පසු දිනට යොදා ගත්තා. පසු දිනයේදී දර්ශන තලයට පැමිණි රිචා දැඩි අපහසුවකින් සිටින බව කාට කාටත් වැටහුණා. ඇයට රඟපෑමට නොහැකි බව තේරුම් ගත් අධ්‍යක්ෂ කෞස්ටව්, රිචාට දින කිහිපයක නිවාඩුවක් ලබා දුන්නා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »