Home / බොලිවුඩ් ගොසිප් /  ඇඳුම්ද? චිත්‍රපටද?

 ඇඳුම්ද? චිත්‍රපටද?

2016-02-26 11:31:00       703
feature-top
සෝනම් කපූර් ගැන මේ දවස්වල වැඩි කතාබහක් තියෙන්නේ නිර්ජා චිත්‍රපටය නිසා. ඒ වගේම සෝනම් බොලිවුඩයේ විලාසිතාවන්හි සංකේතයක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.

ඇයගේ ඇදුම් මෝස්තර නිතරම වෙනස් වෙනවා. ඒ වගේම විවිධ උත්සව අවස්ථාවලට විවිධාකාරයේ මෝස්තරවලින් යුතු ඇඳුම් ඇඳීම කෙරෙහි සෝනම්ට ලැබෙන්නේ ඉහළ ප්‍රසිද්ධියක්.

චිත්‍රපටයක වුණත් ඇයගේ වෙනසක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ වුණත් නිර්ජා චිත්‍රපටයේදී එහි වෙනසක් වී තිබෙනවා. එහිදී සෝනම්ට එකම ඇඳුමක් තමයි අඳින්න නියම වෙලා තියෙන්නේ.

මම ඇඳුම් බලාගෙන නිර්මාණවලට කැමැති වෙන්නේ නැහැ. මම චිත්‍රපට තෝරා ගන්නේ චරිතය අනුවයි. එහිදී ඇඳුම් මෝස්තර අදාළ වෙන්නේ නැහැ.

නමුත් චිත්‍රපටවලින් බැහැරව විවිධාකාර ඇඳුම් මෝස්තර කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා මේ පිළිබඳ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෝනම් කියා සිටියා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »