Home / බොලිවුඩ් ගොසිප් /  ප්‍රිංයංකා Vs රොක්

 ප්‍රිංයංකා Vs රොක්

2016-02-25 11:24:00       687
feature-top
ප්‍රියංකා චොප්රා අති සාර්ථක ලෙස හොලිවුඩය ආක්‍රමණය කරන බොලිවුඩ් නිළියක බවට පත් වෙලා. මේ වන විට ඇමරිකානු ටෙලි නාට්‍ය මාලාවක් වන ක්වෙන්ටිකෝ නිසා ඇය හොලිවුඩයේත් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගෙන සිටින්නේ. ඒ වෙනුවෙන් ඇය ජනතා සම්මානයට පවා පාත්‍ර වුණා.

ඉදිරියේදී බේ වොච් චිත්‍රපටයේ රංගනයටත් ඇය සූදානමින් සිටින්නේ. 1990 දශකයේ විකාශය වූ ජනප්‍රිය බේ වොච් කතාමාලාවට නව ප්‍රවේශයක් ලෙසින් බේ වොච් චිත්‍රපටය නිර්මාණය කෙරෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ සෙත් ගෝඩ්න් විසින්.

හැබැයි එහි ප්‍රියංකාට වෙන්වෙලා තියෙන්නේ දුෂ්ට චරිතයක්. ජනප්‍රිය නළු ඩ්වේන් ජොන්සන් හෙවත් රොක් සහ ඔහුගේ ජීවිතාරක්ෂක කණ්ඩායමට එරෙහිව තමයි ප්‍රියංකාට කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ. එතැන හයක්. මං තනියෙන් ප්‍රියංකා තම චරිතය ගැන පවසන්නේ ආඩම්බරයෙන්.

ඇයට බේ වොච් සඳහා ආරාධනාව ලැබිලා තියෙන්නේ නියෝජිතයෙක් මඟින්. එහි අධ්‍යක්ෂවරයා සමඟ ප්‍රියංකාගේ කතාබහ සිදු වුණේ ස්කයිප් හරහා. මුලින්ම මේ චරිතය වෙන්වෙලා තියෙන්නේ නළුවෙක් වෙනුවෙන්. ඒ වුණත් ප්‍රියංකා සමඟ කතාබහෙන් පසුව ඒ චරිතය ප්‍රියංකාට පවරන්න අධ්‍යක්ෂවරයා තීරණය කරලා.

ඩ්වේන් සමඟ රංගනයට අවස්ථාව ලැබීම ගැනත් ප්‍රියංකා ඉන්නේ ගොඩක් සතුටින්. මයාම්වලදී ඔවුන්ගේ පළමු හමුව සිදු වෙලා. ප්‍රියංකා නම් කියන්නේ රොක් ඉතාම මිත්‍රශිලි පුද්ගලයෙක් බවයි. ඒ වගේම නපුරු චරිතයක් ලැබීමත් ලොකු සතුටක් කියලා ප්‍රියංකා පවසවා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »