Home / බොලිවුඩ් ගොසිප් / ආදිත්‍යගේ අත්දැකීම්

ආදිත්‍යගේ අත්දැකීම්

2016-02-24 10:44:00       676
feature-top
ආදර චරිත රඟපා ප්‍රසිද්ධියක් ලබා සිටින ආදිත්‍ය රෝයි කපූර් පසුගිය දවසක විරහ අත්දැකීම කෙසේද යන්න විස්තර කළා. මා මගේ පළමු පෙම්වතිය ගෙන් වෙන්වූයේ 9 වන ශ්‍රේණියේ සිටියදීයි. මට මතකයි මා සම්පූර්ණයෙන්ම අතරමංව සිටියා. මා සිතුවා ඒ මගේ ලෝකයේ අවසානය කියා.

කිසිම දිනෙක නැවතත් ගැහැණු ළමයෙක් නොලැබේවි යයි මා සිතුවා. නමුත් මා විභාග වලින් සමත් වීමෙන් පසුව ඒ හැගීම් නැතිවී ගියා

ඉහළ ජනප්‍රියත්වයට පත් 'ආශික් 2' චිත්‍රපටයෙන් පසු ඔහු තවත් අමතක නොවන අත්දැකීමකට මුහුණ දීලා.

ඔහු එය විස්තර කළේ මෙලෙසින්. "මේ චිත්‍රපටයෙන් පසුව මා කෙරේ හද බැඳගත් ප්‍රේක්ෂිකාවක් මගේ ගෙදර අභියස දින 6ක් එක දිගට ගතකර තිබෙනවා. එය බොහොම විකාර අදහසක්. ඇයට මා දුරකතනයෙන් අම්බන්ධ කරගන්න තිබුණා.

පසුගිය 12 වනදා තිරගත වීම ඇරඹි 'ෆිතූර්' චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ ආදිත්‍ය. එහි කත්‍රිනා කයිෆ් ඔහු හා රංගනයේ යෙදෙනවා.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »