Home / බොලිවුඩ් ගොසිප් / චිකාගෝවල මොකද කරන්නෙ?

චිකාගෝවල මොකද කරන්නෙ?

2016-01-12 08:58:00       683
feature-top

2016 වසරේ මුල් භාගය තුළදී බොලිවුඩයේ ජනප්‍රිය නිළියකගේ විවාහය සිදුවනු ඇතැයි ආරංචි පැතිරී ගියේ පසුගිය වසරේ අග භාගයේදීයි. මේ සුරූපී නිළිය තමයි, ප්‍රීටි සින්ටා. ඇගේ අත ගන්නේ ජීන් ගුඩ්ඉනෆ් නම්වූ මූල්‍ය විශ්ලේෂකයා බවයි ඒ ආරංචිවල සටහන් වුණේ. ඒත් පසුගිය සතියේ ප්‍රීටි කියා සිටියේ තමන්ගේ විවාහ මංගල්‍යයක් නොපැවැත්වෙන බවයි. මෙහි ඇත්ත නැත්ත කුමක්දැයි ළඟදීම හෙළි වේවි.

කොහොම වෙතත් යළිත් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට නම් ප්‍රීටි තුළ දැඩි වුවමනාවක් තිබෙන හැඩයි. ඇය අවසන් වතාවට රඟපෑවේ 2014 දී තිරගත වූ 'හැපි එන්ඩින්' චිත්‍රපටයේයි. එතැනින් පසුව ඇගේ රඟපෑම් අපට දැකගන්න ලැබුණේ නැහැ.

මේ දිනවල ප්‍රීටි රැඳී සිටින්නේ ඇමෙරිකාවේ චිකාගෝ නුවරයි. ඇගේ සමීපතමයින් පවසන්නේ ඇය චිකාගෝ නුවර නැවතී චිත්‍රපට තිර නාටක කිහිපයක් නිවී හැනහිල්ලේ කියවමින් සිටිනවා කියලයි. මේ තිර රචනා අතරින් කිහිපයක රඟපාන්නටත් තවත් තිර නාටකයක් හෝ දෙකක් ඇසුරින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නටත් ඇය තුළ උනන්දුවක් තිබෙනවාලු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »