Home / බොලිවුඩ් ගොසිප් / තවත් සුරූපී චොප්රා කෙනෙක්

තවත් සුරූපී චොප්රා කෙනෙක්

2016-01-11 09:34:00       683
feature-top

චොප්රා යන පෙළපත් නාමය බොලිවුඩ් සිනමාව තුළ ප්‍රචලිත බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඒ වුණත් මනාරා චොප්රා නම් ආගන්තුක කෙනෙක්. ඇයත් යොවුන් නිළියක් තෙලිගු චිත්‍රපටයක් වන 'ප්‍රේමා - ගීමා ජන්තා නායි' ඇය රඟපෑ පළමු නිර්මාණයයි. 2014 දී තිරගත වූ මේ චිත්‍රපටයෙන් පසුවයි මනාරා, බොලිවුඩ් සිනමාවට පිවිසුණේ. ඒ, 'සිද්' නම්වූ ඍංගාරාත්මක චිත්‍රපටයෙන්. ඉන් පසුව ඇය 2015 දී 'සන්දාමරුතම්' සහ 'කාවල්' යන දෙමළ චිත්‍රපටවල රඟපෑවා. 'සිද්' චිත්‍රපටය සාර්ථකව තිරගත වේයැයි බොහෝ දෙනකු මත පළ කළේ එහි මනාරා රඟපෑ නිසයි.

ඒත් ඒ බලාපොරොත්තුව සඵල වුණේ නැහැ.

මනාරා ගේ මුල් නම බාබී හන්ඩා. සුපිරි නිළි ප්‍රියංකා චොප්රා ඇගේ ඥාති සොහොයුරියක වූ නිසාදෝ ඇය තම නම මනාරා චොප්රා යනුවෙන් වෙනස් කර ගත්තා. එහි අරමුණ ප්‍රියංකා ගේ පිහිටෙන් ජනප්‍රිය වීමදැයි කියන්න බැහැ. ඇතැම් අය මනාරා ගෙන් විමසන්නේ ප්‍රියංකාට ලැබෙන චරිත සොරා ගන්නට හිතුවේ නැද්ද කියලයි.

මගේ සොහොයුරිය ප්‍රියංකාට ලැබෙන චරිත හොරකම් කරන්න මට හැකියාවක් නැහැ. හැබැයි, එයාගෙ රඟපෑමවලින් මට ඉගෙන ගන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම කියන මනාරා 'බජිරාවෝ මස්තානි' චිත්‍රපටයේ ඇතුළත් වන ප්‍රියංකාගේ රැඟුම් ඇගේ සිතට කාවැදුණු බව සඳහන් කළා. ප්‍රියංකා රඟපාන දර්ශන රූගත කරන තැන්වලට යන්නටත් මනාරා දැඩි උනන්දුවක් දක්වනවා. ළඟදීම තිරගත වන 'ජායි ගන්ගාජාල්' නම්වූ චිත්‍රපටයේ රූගත කිරීම් බලන්න ගිය මනාරා ඒ අත්දැකීම් විස්තර කළේ මෙහෙමයි...

මේ චිත්‍රපටයේ රූගත කිරීම් කීපයක් බෝපාල් නගරයේ සිදුකළා. මම ඒවා බලන්න ඕනෙ නිසා බෝපාල්වල සති එකහමාරක් විතර නැවතිලා හිටියා. ඒ රූගත කළ දර්ශන පුළුල් තිරයෙන් කොයි විදිහට පෙනේවි ද කියන ආසාවෙන් තමයි මම ඉන්නෙ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »