Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයේ ජනප්‍රිය නිළි විද්‍යා බාලන්ට ගල්

බොලිවුඩයේ ජනප්‍රිය නිළි විද්‍යා බාලන්ට ගල්

2016-01-07 10:20:00       652
feature-top
උදාවන නව වසරේ සතුටත් එක්ක තමන්ගේ උපන්දිනයත්  සමරන්න තියෙනවනම් කොච්චර හොදයිද?

ඒවගේ වාසනාවන්ත කෙනෙක් තමයි බොලිවුඩයේ ජනප්‍රිය නිළි විද්‍යා බාලන් කියන්නේ.

කොහොම වුනත් විද්‍යා බාලන්ට  නොහිතපු විදිහේ සිද්ධියකට මුහුණ දෙන්න වුණා.

තමන්ගේ සැමියත් එක්ක විදේශගත වෙන්න කියලා ගුවන් යානයකින් යමින් හිටපු විද්‍යා බාලන්ට ගුවන් යානයේදි එකපාරටම කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇති වෙලා.

 වේදනාව දරාගන්න බැරිවුන විද්‍යා හුඟක් අසරණ වෙලා අඩලා  තියෙනවා.

 ඒ වෙලාවේ විද්‍යාගේ තත්වය තේරුම්ගත්ත ගුවන් සේවක සේවිකාවන් වගේම ගුවන් නියමුවන් යානය හදිසියේම ගොඩබස්සලා.

ඉන්දියාවේ ඉදලා අයෙත් අබුඩාබි වලට යනකොට තමයි මේ සිද්ධියට මුහුණදීලා තියෙන්නේ.

කොහොම වුනත්  අබුඩාබි වලට ආපු විද්‍යාබාලන්ව ඉක්මනටම රෝහල් ගත කරලා තියෙනවා.

දොස්තරවරු කියලා තියෙන්නේ විද්‍යාට තියෙන්නේ වකුගඩුවල ගල් සැදීමක් කියලයි.

අවසානයේ මේ පිළිබදව තමන්ගේ රටටම ගිහින් පූර්ණ පරීක්ෂනයක් කරන්න විද්‍යා වගේම ඇගේ සැමියත් තීරණය කළා.

ඒ තීරණයට අනුව ඔවුන් ඉන්දියාවට ඇවිත් මුම්බායේ හින්දුජා රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

විද්‍යා යහපත් සෞඛයෙන්  පසුවෙනවා කියලයි වාර්තා වන්නේ.

curtesy : www.hirunews.lk


More News »