Home / බොලිවුඩ් ගොසිප් / සල්මන්ට ආයෙත් නඩු?

සල්මන්ට ආයෙත් නඩු?

2016-01-06 10:19:00       652
feature-top

1965 දෙසැම්බර් 27 දා උපන් සල්මන් ඛාන්ට පසුගිය 27 දා 50 වැනි විය සපිරීමත් සමඟම හොඳ කලක් උදා වුණා. 2002න් පටන් ගත් ගතවූ වසර 13ක කාලය ඔහුට අපල ගෙන දුන්නත් 50 වැනි වියේදී ඒ සියල්ල මැකී ගිය බවක් පෙනුණා. ඒ, ඔහු නඩු හබවලින් නිදහස් වීම නිසයි. නවක නිළියක වන සරීන් ඛාන් පැවසුවේ සල්මන් මෙවර වටිනාම උපන් දින තිළිණය ලැබුවේ අධිකරණයෙන් බවයි. තම නිවසට එක්වූ ඥාතීන් සහ සමීපතම හිතවතුන් සහ හිතවතියන් පිරිවරාගෙන සල්මන් කීවේ 2002 දී චෝදනා ලද නඩුවෙන් නිදහස් වීම නිසා තම දෙමවුපියන්ගේ සිත් තුළ මෙතෙක් ගොඩගැසී තිබූ බරක් ඉවත් වූ බවයි.

මේ බරපතළ කාරණය සල්මන්ටත් ඔහුගේ පවුලේ උදවියටත් බලපෑවේ 2002 දී ඔහු අතින් මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ නිසයි. එම වසරේ සැප්තැම්බර් 24 දා රාත්‍රියේ දී ඔහු ගමන් කළ මෝටර් රථය මුම්බායි හි බේකරියක් අසල දී මිනිසුන් හතර දෙනකු යට කරගෙන ගොස් තිබුණා. එම අනතුරෙන් පදික වේදිකාවේ නිදා සිටි පුද්ගලයකු මිය ගියා. ඒ අසල සිටි තවත් තිදෙනකු බරපතළ තුවාල ලැබුවා. මෙහිදී සල්මන්ගේ රියැදුරු අශෝක් සිං ප්‍රකාශ කළේ අනතුර සිදුවන මොහොතේදී මෝටර් රථය පැදවූයේ තමන් බවයි. ඒත්, පසුව හෙළි වූයේ අනතුර සිදුවෙද්දී රිය පදවා ඇත්තේ සල්මන් බවයි. ඒ අනුව බොරු සාක්ෂි දීමේ හේතුවෙන් එම රියැදුරාව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

අනතුර සිදු වූයේ සල්මන් බීමතින් රිය පැදවූ නිසා යැයි ඔහු චෝදනා ලැබුවා. කෙසේ වෙතත් මෙවැනි නීතිමය ක්‍රියාමාර්ගයන් ඔස්සේ ඇදී ගිය කතන්දරය කෙළවර වූයේ සල්මන් එම සියලු වැරැදිවලින් නිදහස් වීමෙන්. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මුම්බායි හි ශ්‍රේෂ්ඨාධිකරණයයි. මේ අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබුණේ සල්මන්ට ‍එරෙහිව නැවත නීතිමය මඟට යොමු වන බවයි.

ඒක ඒ අයගෙ අයිතියක්. එහෙම වුණොත් මම ඒකටත් මුහුණ දෙනවා. සල්මන් එලෙස ප්‍රකාශ කළේ තමන්ගේ 50 වැනි උපන් දින සාදයේදීයි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »